අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මාතලේ වන අලි ගැටළුවලට කඩිනමින් විසඳුම්

    මැයි 16, 2018
    මාතලේ දිස්ත්‍රික්කයේ  වනජීවි  අමාත්‍යාංශයට සම්බන්ධ සියලු ගැටළු පිළිබඳ  සවිස්තර වාර්තාවක් කඩිනමින්  සපයන  ලෙස  වන ජීවි අමාත්‍යාංශයෙන්  දැනුම් දී ඇති බව  මාතලේ දිස්ත්‍රික්  සැලසුම් අධ්‍යක්ෂිකා  සජීවා විතානගේ මහත්මිය  පැවැසුවාය.  
     
    එම වාර්තාව අනුව  මාතලේ දිස්ත්‍රික්කයේ  පවතින  වන අලි ප්‍රශ්නය ඇතුළු  වනජීවි අමාත්‍යාංශයට අයත්  ගැටළු කඩිනමින් විසදීමට  කටයුතු කරනු ඇති බව අධ්‍යක්ෂවරිය වන අලි ගම්වැදීම  සම්බන්ධයෙන්  මාතලේ දිස්ත්‍රික් සම්බන්ධීකරණ  කමිටු  රැස්වීමේදී මධ්‍යම පළාත් සභා මන්ත්‍රී  ඩබ්. යසමාන  මහතා  මතුකළ  ප්‍රශ්නයකට  පිළිතුරු දෙමින්  පවසා සිටියාය.
     
    මාතලේ දිස්ත්‍රික්කයේ  වන අලි ප්‍රශ්නය විසඳීම සඳහා ප්‍රමාණවත්  මානව හා භෞතික සම්පත්  නොමැති  බව මෙහිදී මන්ත්‍රීවරයා පෙන්වා දුන්නේය. 
     
    දිස්ත්‍රික්කය සඳහා වනජීවි නිලධාරින් ඇත්තේ සුළු පිරිසක් බවත් ඔවුන්ට ගැටළු කඩිනමින් විසඳීම සඳහා  ප්‍රවාහන පහසුකම් ලබාදීමේ අවශ්‍යතාවය  හා එම නිලධාරින් තම ජීවිත අවදානම ගැන නොතකා කටයුතු කරන බැවින්  ඔහුන්ට   රක්ෂණ ක්‍රමයක  අවශ්‍යතාවය ද   මන්ත්‍රීවරයා  මෙහිදී අවධාරණය කළේය. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya