අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රත්නපුර අනාරක්ෂිත ළමා උද්‍යානය සංචාරක නිකේතනයක් වෙයි

    මැයි 15, 2018
    රත්නපුර නගර මධ්‍යයේ කළු ගඟට යාබදව අනාරක්ෂිතව ඉදිකර ඇති ළමා උද්‍යාන පරිශ්‍රය ආයුර්වේද සංචාරක නිකේතනයක් ලෙස සංවර්ධනය කරන බව සබරගමුව පළාත් ආණ්ඩුකාර නිලූකා ඒකනායක මහත්මිය පසුගියදා පැවසුවාය.
     
    එම මහත්මිය මේ බව සඳහන් කළේ එම ළමා උද්‍යානය නිරීක්ෂණය කිරීමේ අවස්ථාවට එක් වෙමිනි. ජනමාධ්‍ය මගින් අනාරක්ෂිත ළමා උද්‍යානයක් පිළිබඳව වරින්වර හෙලිදරව් කර තිබුණි.
     
    2005 වර්ෂයේ රුපියල් ලක්ෂ 25ක රජයේ මුදල් වැයකර මෙම ළමා උද්‍යානය රත්නපුර නගර සභාව මැදිහත්වී  ඉදිකර ඇත. මෙම උද්‍යානය අනාරක්ෂිතව ඉදිකර ඇති නිසා භාවිතයට නොගත් අතර යාචකයින් ,මෙන්ම නීති විරෝධී කටයුතුවල නියැලෙන කල්ලි විසින් එය වාසස්ථානයක් බවට පත්කරගෙන ඇත.
     
    මෙහිදී ආණ්ඩුකාරවරිය පැවසූවේ  ආරක්ෂිත වැටවල් ඉදිකර ආයුර්වේද සංචාරක නිකේතනයක් ලෙස සංවර්ධනය කිරීමට සබරගමුව පළාත් සභාව කටයුතු කර ඇති බවය. ඒ සඳහා අවශ්‍ය ප්‍රතිපාදනස කඩිනමින් ලබා දීමට කටයුතු කරන බවද ඇය පැවසුවාය.
     
    සබරගමුව ආණ්ඩුකාරවරිය මෙහිදී සඳහන් කළේ ජනමධ්‍ය මගින් කළ හෙලිදරව් නිසා විශාල ව්‍යසනයක් වලක්වා ගැනීමට හැකිවු බවය.
     
    මෙම අවස්ථාවට  රත්නපුර පුරපති ටිරෝන් අත්තනායක, නියෝජ්‍ය පුරපති ලක්ෂ්මන් මුණසිංහ, ප්‍රධාන ලේකම් හේරත් පී කුලරත්න, ආණ්ඩුකාර ලේකම් ලලිත් දොඩම්කොටුව, ප්‍රධාන අමාත්‍යාංශයේ ලේකම් ශ්‍රියාණි පද්මලතා, පළාත් පාලන කොමසාරිස් ගොඩැල්ල වත්ත සහකාර පළාත් පාලන කොමසාරිස් සමන් කුමාර යන මහත්ම මහත්මීන් එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya