මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රෝහල් සංවර්ධන ව්‍යාපෘති සහ පවතින ගැටලු පිළිබඳ විශේෂ සාකච්ඡාවක්

    මැයි 14, 2018
    දිවයින පුරා සෑම පළාතකම රෝහල්වල පවතින ගැටලු සහ සංවර්ධන ව්‍යාපෘති පිළිබඳව එම පළාත්වල මහජන නියෝජිතයින්ගේ සහභාගිත්වයෙන් සාකච්ඡා කිරීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා පියවර ගෙන ඇත.
     
    පළමු අදියර යටතේ නැගෙනහිර, උතුර සහ දකුණු පළාත්වල රෝහල්වල ගැටලු හා සංවර්ධන ව්‍යාපෘති පිළිබඳ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී පසුගියදා පැවැත්විණි.
     
    නැගෙනහිර පළාතේ රෝහල් සංවර්ධනය කිරීමේ දී අම්පාර, මඩකළපුව, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල රෝහල් වෙන වෙනම සංවර්ධනය කිරිම සඳහා ව්‍යාපෘති වාර්තාවක් සකස් කරන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි. මෙම පළාත් සාකච්ඡාව සඳහා විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ඇතුලු එම පළාතේ මන්ත්‍රීවරු රැසක් සහභාගි වී සිටියහ.
     
    දකුණු පළාතේ රෝහල් සංවර්ධනය කිරීමේ දී ඇල්පිටිය, බලපිටිය මුලික රෝහල් සංවර්ධනය කිරිම සහ කරාපිටිය මහමෝදර යන රෝහල්වල ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති විමසා බැලීය. මාතර මහ රෝහලේ බාහිර රෝගී අංශය සහ හදිසි අනතුරු හා හදිසි ප්‍රතිකාර ඒකකය පමණක් දැනට රෝහල් භුමියේ ස්ථාපිත කර, අනෙකුත් සියලුම සේවාවන් ගොඩගම නව රෝහල කරා ගෙනයාමට පියවර ගන්නා ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබා දෙන ලදි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියලු ම රෝහල් සංවර්ධනය කිරීමට පියවර ගෙන ඇති අතර, එහි ප්‍රගතිය ද  මෙහිදී විමසා බැලිය. මෙම සාකච්ඡාවට අමාත්‍ය ගයන්ත කරුණාතිලක, ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුලාල් බණ්ඩාරිගොඩ යන මහත්වරුන් එක්ව සිටියහ.
     
    උතුරු පළාතේ සෑම දිස්ත්‍රික්කයකම ආරම්භ කර ඇති රෝහල් සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය ද මෙහි දී විමසා බැලිය. එම රෝහල්වල පවතින වෛද්‍ය, හෙද, ඇතුලු අනෙකුත් කාර්ය මණ්ඩල හිගයට පිළියම් යොදන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා උපදෙස් ලබාදෙන ලදි. වව්නියාව සහ යාපනය නගරවල නව ඔසුසල විවෘත කිරීමට ද තීරණය විය.
     
    මෙම සාකච්ඡාවල දී පළාත් සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවේ දී ගනු ලබන තීන්දු තීරණ පිළිබඳව ද සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී මහජන නියෝජිතයින් දැනුවත් කරන ලදි. සෞඛ්‍ය සංවර්ධන ව්‍යාපෘති සහ ගැටලු පිළිබඳව තමන් කැඳවා මෙවැනි සාකච්ඡාවක් පැවැත්වීම පිළිබඳව මහජන නියෝජිතයින් මෙහිදී අගය කළහ.
     
    මෙම අවස්ථාවට නියෝජ්‍ය සෞඛ්‍ය අමාත්‍ය ෆයිසාල් කාසීම් මහතා ඇතුලු සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන් රැසක් එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya