මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    මධ්‍යම පළාත් ඝණ අපද්‍රව්‍ය කළමනාකරණයට අධිකාරියක්

    මැයි 12, 2018

    මධ්‍යම පළාත තුළ ඝණ අපද්‍රව්‍ය කළමනාකරණය කිරීම සදහා ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරියක් පිහිටුවීමට කටයුතු යොදන බව මධ්‍යම පළාත් ප්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා පවසයි.

    ඒ අනුව ඉදිරියේදී ඊට අදාළ කටයුතු කඩිනම් කරන බවද ප්‍රධාන අමාත්‍යවරයා පවසයි. ප්‍රධාන අමාත්‍යවරයා මෙම අදහස්පළ කරන ලද්දේ පසුගිය දින දින මධ්‍යම පළාත් සභා ශාලාවේ පැවති මධ්‍යම පළාත් සභා රැස්වීමේදීය.


    ඝණ අපද්‍රව්‍ය කළමනාකරණ අධිකාරිය පිහිටුවීම සම්බන්ධයෙන් පළාත් සභාව මගින් සකස් කරන ලද ප්‍රඥප්තියේ කෙටුම්පතක්ද ප්‍රධාන අමාත්‍යවරයා විසින් මෙහිදී සභාගත කරන ලදී.

    මෙහිදී අදහස් දැක්වූ ප්‍රධාන අමාත්‍යවරයා තවත් මාස පහකින් මධ්‍යම පළාත් සභාව විසුරුවා හැරීමට නියමිත බවත්, ඊට පෙර මෙම වසරට අදාල අනිකුත් සියළු සංවර්ධන කටයුතුද කඩිනමින් නිම කළ යුතු බව පෙන්වා දෙන ලදී. එසේ නොවුනොත් පළාතේ සංවර්ධනය වෙනුවෙන් වෙන් කළ මුදල් නැවත භාණ්ඩාගාරයට යනු ඇති බවද පෙන්වා දුන් අමාත්‍යවරයා මෙතෙක් සංවර්ධන යෝජනා ඉදිරිපත් නොකළ මන්ත්‍රීවරු සිටී නම් ඉතා කඩිනමින් ඒවා පළාත් ප්‍රධාන ලේකම්වරයා වෙත යොමු කරන ලෙසද දැන්වීය.


    අනවසර කූඹුරු ගොඩ කිරීම් සහ අනවසර ගල්වලවල් සම්බන්ධයෙන් හිටපු ආණ්ඩුකාරවරිය විසින් සිදු කරන ලද තහනම් කිරීම් තවමත් එලෙසම බලපවත්නා බව පෙන්වා දුන් ප්‍රධාන අමාත්‍යවරයා එම තහනම් කිරීම් ඒ අයුරින්ම ක්‍රියාත්මක වන්නේදැයි සොයා බැලීම සදහා තමන් ඉදිරි කාලයේදී පුද්ගලිකවම කටයුතු යොදන වන බවද පැවසීය. ඒ සදහා නිරීක්ෂණ ක්ෂේත්‍ර චාරිකා කිහිපයක් පවත්වන බව පැවසූ ප්‍රධාන අමාත්‍යවරයා ඒ සදහා මාධ්‍යවේදීන්ගේ සහයෝගයද බලාපොරොත්තු වන බව පැවසීය.


    මධ්‍යම පළාත් සභාවේ සභාපති ඒල්.ඩී. නිමලසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් පළාත් සභාව රැස්විය.

    DMU/kandy

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya