මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කුරුණෑගල විහාරස්ථාන හා දහම්පාසල් ඉදිකිරීමට ලක්ෂ 1233ක්

    මැයි 11, 2018
    කුරුණෑගල දිස්ත්‍රික්කයේ ඌණ සංවර්ධිත විහාරස්ථාන හා දහම්පාසල් 545ක් ඉදිකිරීම සඳහා රුපියල් ලක්ෂ 1233ක් වෙන් කොට ඇති අතර විහාරස්ථාන ඉදිකිරීම සඳහා පමණක් මේ වසර සඳහා රුපියල් 75,000,000ක් වෙන්  කිරීමට බුද්ධශාසන අමාත්‍යාංශය පියවර ගෙන ඇතැයි එම අමාත්‍යංශය සඳහන් කරයි.
     
    මේ වර්ෂයට යෙදී තිබූ ශ්‍රී බු.ව.2562 රාජ්‍ය වෙසක් උත්සවයට සමගාමිව ඌන සංවර්ධිත විහාරස්ථාන සහ දහම්පාසල් නඟාසිටුවීමේ ව්‍යාපෘතිය යටතේ බුද්ධශාසන අමාත්‍ය ගාමිණී ජයවික්‍රම පෙරේරා මහතා විසින් මෙම මුදල් වෙන් කර තිබේ. 
     
    ආසන මට්ටමින් දියත් කෙරෙන මෙම ව්‍යාපපෘතියේ නිකවැරටිය ආසනයේ රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ සුදුසුකම්ලත් විහාරස්ථාන 18ක් ඊයේ (10) වයඹ පළාත් සහා මන්ත්‍රී අසංක පෙරේරා මහතාගේ අධීක්ෂණයට ලක්විය.
     
    මෙම අධීක්ෂණ චාරිකාවට බුද්ධශාසන අමාත්‍ය සම්බන්ධිකරණ ලේකම් සුරංග ප්‍රභාත්, රස්නායකපුර ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ බෞද්ධ කටයුතු සම්බන්ධිකරණ නිලධාරිනී W.M.C වික්‍රමසිංහ මහත්මිය ඇතුළු තවත් පිරිසක් එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya