මැයි 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සෙංගල්ඔය වාරිව්‍යාපාරය බලගැන්වීමට රු.මිලියන 350ක් - පුරන් කුඹුරු අක්කර 20,000ක් අස්වැද්දීමට සැලසුම්

    මැයි 10, 2018

    සෙංගල්ඔය වාරි ව්‍යාපෘතියේ ඉදිකිරීම් සඳහා රුපියල් මිලියන 350 ක මුදලක් වෙන් කර ඇති බව වාරිමාර්ග, කළමනාකරණ හා ආපදා කළමනාකරණ රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේ බණ්ඩාර මහතා පැවසීය.

    ව්‍යාපෘතියේ වැඩ ආරම්භ කිරීම වෙනුවෙන් පසුගියදා වාරිමාර්ග ආමාත්‍යංශයේදී පැවැති නිලධාරී සාකච්ඡාවේ දී අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

    ව්‍යාපෘතියේ වැඩ අද (10 ) ආරම්භ කිරීමට නියමිතයි. අන්දනන්කටුව, අආනවිලූන්දාව, සුරුවිල, ඉහළ වැව, වෙල්ලවල, මරදන්සොලේ, පින්කට්ටිය, මයියාව යන මහ වැව් වෙත ජලය ගෙන යමින් පුරන්ව පවතින කුඹුරු අක්කර 20000 ක් පමණ පෝෂණය කිරීම මෙම ව්‍යාපෘතියේ අරමුණයි.

    මීට අමතරව තවත් කුඩා වැව් 08 ක් වෙත මෙමගින් ජලය ගෙන යනු ලබයි. ගොවි ගම්මාන 20 ක් පමණ ගොවි ජනතාව වසර 50 ක සිට සිදු කළ ඉල්ලීමක් මෙලෙස කි‍්‍රයාත්මක වන බව අමාත්‍යවරයා පැවසයි. ඒ යටතේ ප‍්‍රතිලාභ සැලසෙන ගොවි පවුල් ගණන 3000 ඉක්මවයි.

    ආණමඩුව, පල්ලම ප‍්‍රදේශයෙන් දැදුරුඔය හරස් කරමින් නිර්මාණය කෙරෙන සෙංගල්ඔය ව්‍යාපාරයෙන් කිලෝමීටර් 16 ක් දක්වා ජලය ගෙන යමින් ආරච්චිකට්ටුව දක්වාම වූ වැව් අමුණු වෙත ජලය බෙදා දීම මෙමගින් සිදු කිරීමට අපේක්‍ෂිතය.

    කෘෂිකර්මාන්තයේ පුණර්ජීවයක් ඇති කිරීමත්, පාරිසරික සුරක්‍ෂිතතාව ඇති කිරීමත් ව්‍යාපෘතියේ ප‍්‍රධාන අරමුණු වෙයි.

    ග‍්‍රාමිය කර්මාන්ත සංවර්ධනය කිරීම, මිරිදිය මත්ස්‍ය කර්මාන්තයට නව ජීවයක් ලබාදීම, රැුම්සේ කුරුළු පාරාදීසයට සහ වන සතුන්ට ජලය ලබා දීම මෙන්ම පානීය ජලව්‍යාපෘති කිහිපයක් ආරම්භ කිරීම යන ව්‍යාපෘතිද මේ යටතේ කි‍්‍රයාත්මක වේ.

    1966 වසරේදී යෝජනා වූ මෙම ව්‍යාපෘතියේ ඉදිකිරීම් ආරම්භ වන්නේ වසර 52 ට පසුවය. 1966 වසරේ ආරච්චිකට්ටුව මයියාව විහාරස්ථානයේ විහාරාධිපතිව වැඩවිසූ අතිපූජ්‍ය සද්ධාතිස්ස මහනාහිමියන්ගේ වීර්යෙන් නිර්මාණය කෙරුණු මෙම ව්‍යාපෘතිය බල සම්බන්න ගොවි ව්‍යාපාරයක් බවට පත් කිරීමට කිසිදු වැඩපිළිවෙලක් දියත් නොවීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya