නොවැම්බර් 17, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ‘සක්කොටෙයි’ ප්‍රදේශයට නව මුහුණුවරක්

    පෙබරවාරි 15, 2018
    දිවයිනේ උතුරු කෙළවරහි පිහිටි පේදුරුතුඩුවේ ‘සක්කොටෙයි’ ප්‍රදේශය යාපනය අර්ධද්වීපයට පැමිණෙන සංචාරකයින්ගේ ආකර්ශණය දිනාගන්නා ස්ථානයක් බවට පත්කිරීමේ අරමුණින් ඒ සඳහා නව මුහුණුවරක් එක්කිරීමට යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා ක්‍රියාත්මක කළ අලංකරණ ව්‍යාපෘතිය තුළින් හැකි වූ බව ශ්‍රී ලංකා යුද හමුදාව සඳහන් කරයි.
     
    මෙම ව්‍යාපෘතියට 55 වන සේනාංක භඨ පිරිස් මෙන්ම ප්‍රදේශවාසින්ගේ ද සහයෝගය ලැබුණු අතර, එම ප්‍රදේශයේ ස්ථාපිත අවපැහැගැන්වී තිබු ශ්‍රී ලංකා ජාතික ධඡය නව දීප්තිමත් වර්ණ ආලේප කිරීමෙන් අලංකාර කරන ලදී. එම ධඡය දුර සිට වූවද පැහැදිලිව දිස්වන ආකාරයට සකස් කිරීම තුළින් ප්‍රදේශයේ ධීවරයන්ට මෙන්ම නාවිකයින්ට ගොඩබීම සොයාගැනීමට පහසුව සලසාදීමට හැකිවන අතර ඒ තුළින් පරිසරයට වන හානිය ද අවම වේ.
     
    මෙම ස්ථානය අලංකාර කිරීමෙන් සංචාරකයින්ගේ ආකර්ෂණය තවදුරටත් වැඩි කරගැනීමට මෙන්ම ප්‍රදේශයේ ජීවත්වන වෙළඳ ප්‍රජාව හා වීදි අලෙවිකරුවන්ගේ ආර්ථික මට්ටම ශක්තිමත් කිරීමට ද බලාපෝරොත්තු වේ.
     
    මෙම දර්ශනීය ස්ථානය වෙත සංචාරක ආකර්ෂණය වැඩි කරගැනීම සඳහා 55 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් ජයන්ත ගුණරත්න මහතාගේ උපදෙස් මත එම සේනාංක භඨ පිරිස් විසින් අලංකරණ ව්‍යාපෘතිය සිදු කරන ලද අතර එය මහජන අයිතියට පැවරීමට උත්සවයක් ද සංවිධානය කරන ලදි. 
     
    එම උත්සවයේ ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශන හෙට්ටිආරච්චි මහතා සහභාගි වූ අතර 55 වන සේනාංකයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, සෙසුනිලයින් සහ ප්‍රදේශවාසින් රැසක් ද එක්ව සිටියහ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya