අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2017 වසරේ වැඩිම ආදායම යාල ජාතික උද්‍යානයෙන්

    පෙබරවාරි 14, 2018
    දිවයින පුරා පිහිටා ඇති ජාතික උද්‍යාන අතුරින් 2017 වසරේ වැඩිම ආදායමක් උපයාගෙන ඇත්තේ යාල ජාතික උද්‍යානය හරහා බව තිරසර සංවර්ධන හා වනජීවි අමාත්‍යංශය සඳහන් කරයි.
     
    ඒ අනුව 2017 වසරේ යාල ජාතික උද්‍යානය රුපියල් මිලියන 700.58ක ආදායමක් හිමිකරගෙන ඇත. එමෙන් ම එම වසරේ වැඩිම සංචාරකයින් පිරිසක් වන 397,122ක පිරිසක් පැමිණ ඇත්තේ ද යාල ජාතික වනෝද්‍යානයට වන අතර මේ අතරින් 207,927ක පිරිසක් දේශීය සංචාරකයින් වන අතර 189,195ක් විදේශ සංචාරකයින් වේ.
     
    එමෙන් ම රුපියල් මිලියන 358.44ක ආදායමක් උපයාගනිමින් උඩවලව ජාතික වනෝද්‍යානය දෙවන ස්ථානයේ පසුවන අතර එම වසරේ දී එම උද්‍යානයට සංචාරකයින් 236,867ක් පැමිණ තිබේ. හෝටන් තැන්න ජාතික උද්‍යානය රුපියල් මිලියන 361.09ක් උපයාගෙන ඇති අතර සංචාරකයින් 345,480ක් පැමිණ තිබේ. 
     
    2017 වසරේ දී ජාතික උද්‍යාන සඳහා සංචාරක පැමිණීම 1635,467ක් වන අතර ඒ හරහා රුපියල් මිලියන 2,040.51ක ආදායමක් උපයාගෙන ඇත.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya