අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "සදාකෝකිල ජෝතිගම" ට මුල්ගල් තැබේ

    ජූලි 11, 2017
    ජුලි 07දාට යෙදුණු දිවංගත ගායන ශිල්පී එච්.ආර්. ජෝතිපාල මහතාගේ 30වැනි ගුණානුස්මරණය වෙනුවෙන් ඔහුට උපහාර පිණිස හම්බන්තොට සිරිබෝපුර "සදාකෝකිල ජෝතිගම"  නව උදා ගම්මානය ඉදිකිරීම සඳහා ඊයේ (10) නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් මුල්ගල් තැබිණි.
     
    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ සංකල්පයකට අනුව ග්‍රාම ශක්ති නිවාස වැඩපිළිවෙළ යටතේ මෙම නිවාස ඉදිකර ගැනීම සඳහා ප්‍රතිලාභීන් වෙත රුපියල් 500,000බැගින් නැවත අයකරගනු නොලබන පදනමින් නිවාස ආධාර ලබාදීමට නියමිතය.
     
    නව උදා ගම්මාන වැඩපිළිවෙළ් 424වැනි ගම්මානය වැනි "සදාකෝකිල ජෝතිගම"  නිවාස 39කින් යුක්ත වේ.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya