මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    වසර 2ක් තුළ පොලොන්නරුව - මඩකලපුව දුම්රිය මාර්ගය ප්‍රතිසංවර්ධනයට පියවර

    ජූලි 11, 2017
    පසුගිය සමයේ තිබු යුදමය වාතාවරණය හේතුවෙන් ප්‍රතිසංවර්ධන කටයතු කිරිමට නොහැකි වු  පොලොන්නරුව - මඩකලපුව දුම්රිය මාර්ගය කඩිනමින් ප්‍රතිසංවර්ධනය කර භාණ්ඩ ප්‍රවාහනයටත්, මගි ප්‍රවාහනයටත් යොදා ගන්නා බව ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා ප්‍රකාශ කරයි.
     
    අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (10) දින පොලොන්නරුව දුම්රිය ස්ථානයේ සිදු කළ නිරීක්ෂණ චාරිකාවකදී ය.
     
    කිලෝමීටර් 90ක් පමණ වන මෙම දුම්රිය මාර්ගය සංවර්ධනය කිරිම සඳහා කොන්ක්‍රිට් සිල්පර 12,0000ක් පමණ අවශ්‍යවන අතර දැනටමත් සිල්පර 10000ක් ඒ සඳහා ලැබි ඇති බවද දුම්රිය බලධාරීන් අමාත්‍යවරයා හට පවසන ලදි.  මෙම මාර්ගයේ අලුත්වැඩියා කළ යුතු පාලම් සහ බෝක්කු 63ක් පමණ වන බැවින් බරින් වැඩි දුම්රිය එන්ජින් මෙම මාර්ගයේ ධාවනය කළ නොහැකි බවද එම නිසාම දැනට දුම්රිය ධාවනය වන්නේ පැයට කිලෝමීටර් 60ක පමණ වේගයෙන් ය. අලුත්වැඩියා කිරිමෙන් පසුව පැයට කිලෝමීටර් 100ක පමණ වේගයෙන් දුම්රිය ධාවනය කරවීමට හැකි බවද, එම නිසා පොලොන්නරුව සිට මඩකලපුව දක්වා දුම්රිය ගමන් කිරිමට ගතවන කාලය ද අඩුවන බව මෙහිදි දුම්රිය බලධාරින් විසින් අමාත්‍යවරයාට ප්‍රකාශ කරන ලදි.
     
    විශේෂයෙන්ම මෙම දුම්රිය මාර්ගය ඉදිකිරිමට බාධාවක්ව පවතින දුම්රිය මග දෙපස ඉඩම්වල අනවසර පදිංචි වීම් හා ඉදි කිරිම් කඩිනමින් නැවත දුම්රිය දෙපාර්තමේන්තුව විසින් අත්පත් කර ගත යුතුව ඇති බවද ඒ සඳහා දැනටමත් මැනුම් කටයුතු  සිදුකරමින්  පවතින  බවත් පොලොන්නරුව, වැලිකන්ද හා මනම්පිටිය යන ප්‍රදේශවල  දුම්රිය ඉඩම්වල පදිංචිකරුවන්ගෙන් දුම්රිය දෙපාර්තමේන්තුව බදු අය කිරිමේ කටයුතු සිදු කරන බවද අමාත්‍යවරයාට දුම්රිය බලධාරීන් ප්‍රකාශ කරන ලදි.
     
    පොලොන්නරුව සහ මඩකලපුව අතර ඇති දුම්රිය මාර්ගය වඩාත් ශක්තිමත් කොට එහි සේවාව වඩාත් පුළුල් කිරිම සඳහා අවශ්‍ය කරුණු ගණනාවක් සාකච්ඡා කළ බවද අමාත්‍යවරයා පැවසීය. එමෙන්ම මෙම අනවසර පදිංචිකරුවන් ඉවත් කිරිම සම්බන්ධව කැබිනට් මණ්ඩලය මගින් ලබාදෙන කැබිනට් තීරණය අනුව ඉටු කිරිමටත් දුම්රිය දෙපාර්තමේන්තුව අවශ්‍ය ඉඩම්වල පදිංචි වී සිටින අනවසර පදිංචිකරුවන් ඉවත් කිරිමට පියවර ගන්නා ලෙස තමා දුම්රිය බලධාරින්ට නියෝග කළ බවද ප්‍රකාශ කළේය. 
     
    දීර්ඝ කාලයක් තුළ අනවසරයෙන් පදිංචි සිටින පදිංචිකරුවන්ට කැබිනට් මණ්ඩලය මගින් ගන්නා ලද ඒ කැබිනට් තීරණය අනුව ඒ අවශ්‍ය මුදල් දුම්රිය දෙපාර්තමේන්තුවට ගෙවා පදිංචි වීම සඳහා ක්‍රමවේදයක් සකස් කර ඒ සඳහා දැනටමත් මැනුම් කටයුතු කර තිබෙන බවත් මැනුම් නොකල ඉඩම් මැනිම සඳහා ඉදිරි මාසය තුළදි කටයුතු කරන බවත් අමාත්‍යවරයා කීය.
     
    මෙම අවස්ථාවට දුම්රිය දෙපාර්තමේන්තු නිළධාරීන් කිහිප දෙනෙකු ද සහභාගි වුහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya