මැයි 09, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව - කෑගල්ලේ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කෙරේ

    ජූලි 12, 2017
    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව පිළිබඳ කෑගලු දිස්ත්‍රික් රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීමේ වැඩමුළුවක් පසුගියදා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී පැවැත්විණි.  
     
    නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක අවශ්‍යතාව හා ඒ හා සම්බන්ධ රාජ්‍ය නිලධාරීන්ගේ කාර්යභාරය මෙහිදී සාකච්ඡා කෙරිණි. 
     
    නව ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුවේ  සභාපති ලාල් විජේනායක, ලේකම් වින්ස්ටන් පතිරාජා, සම්බන්ධීකාරකවරුන් වන ඒ. බී. තලගුණේ හා එල්.බී.එම්. ෆයිස්ඩීන් යන මහත්වරුන් විසින් මෙහි දී විද්වතක් දේශන පැවැත්වූහ. 
     
    මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් චන්ද්‍රසිරි බණ්ඩාර, අතිරේක දිස්ත්‍රික් ලේකම්වරියන් වන රුක්මණි ආරියරත්න, දිනීෂා එස් රත්නායක (ඉඩම්), සහකාර දිස්ත්‍රික් ලේකම් සමන් අනුර යන මහත්ම මහත්මීන්ද ඇතුළු දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන් 300 කට ආසන්න පිරිසක් සහභාගී වූහ. 
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya