මාර්තු 29, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ලංකාව සේවාවලින් යැපෙන රටක් වෙලා - රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ

    ජූලි 12, 2017
    මහවැලි ව්‍යාපාරය, ඇඟලුම් කර්මාන්තය ආරම්භ කිරීමෙන් අනතුරුව පසුගිය වසර 20ක කාලයක් තුළ කිසිඳු නිෂ්පාදනයක් නොකොට සේවාවලින් පමණක් යැපෙන රටක් බවට ශ්‍රී ලංකාව පත්ව ඇතැයි ජාත්‍යන්තර වෙළෙඳ කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.
     
    ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ අද (11) රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකට සහභාගි වෙමිනි.
     
    සිංගප්පූරුව, ඉන්දියාව වැනි රටවල් සමඟ ඉදිරියේ දී ආයෝජන ගිවිසුම් අත්සන් කිරීමට නියමිතව ඇති බවත් නව නිෂ්පාදන ඇතිකිරීමට බලාපොරොත්තුවෙන් වත්මන් රජය පෞද්ගලික අංශයට ආයෝජන අවස්ථා සඳහා ඉඩලබාදීමට කටයුතු කරමින් සිටින බවත් ඉදිරි වසර 6 - 7ක කාලය තුළ ලෝකයේ බලවත් නිෂ්පාදන රටක් බවට පක්කිරීමට අවශ්‍ය අත්තිවාරම් සකස් කරමින් පවතින බවත් පෙන්වා දුන්නේය.
     
    ශ්‍රී ලංකාවට ලැබුණු GSP+ සහනය ලැබීම ජයග්‍රහණයක් බවත් ඉදිරියේ දී බිය නොවි භාණ්ඩ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය ව්‍යවසායකයින් අවශ්‍ය යැයි ද විදේශ සංචාරකයින්ගේ පැමිණීම මිලියන 5 - 6ක් දක්වා වර්ධනය කරගැනීමට මෙන් ම ඉදිරි වසර 02තුළ දිවයින පුරා සියලු මාර්ග පද්ධතිය දියුණු කිරීමට කටයුතු කරන බවත් පැවසීය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya