අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් සැකසීම පිළිබඳ ව සාකච්ඡා කෙරේ

    ජූලි 12, 2017
    ශ්‍රී ලංකාව ඇතුළු ව අනෙකුත් සාර්ක් රටවල් අතර පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් සෑදීම පිළිබඳ ව දීර්ඝ වශයෙන් සාකච්ඡා කොට සෑම රටකට ම එකඟ විය හැකි බව පොදු ප්‍රවාහන ප්‍රතිපත්තියක් සැකසිය යුතු බව නව සාර්ක් ලේකම් ජෙනරාල් අම්ජාඩ් හුසේන් බී සියල් මහතා ඊයේ (11) පස්වරුවේ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ දී හමුවු අවස්ථාවේදී පැවසීය.
     
    මෙම හමුවේදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා කරුණු දක්වමින් ශ්‍රී ලංකාවේ දැනට ක්‍රියාවට නංවා ඇති පොදු ප්‍රවාහන ප්‍රතිපත්තිය සහ දැනට සැකසෙමින් තිබෙන ගුවන් සේවා ප්‍රතිපත්තිය පිළිබඳ ව කරුණු පැහැදිලි කළේය. ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක කෙරෙන පොදු ප්‍රවාහන ප්‍රතිපත්තිය පිළිබඳ ව සෑහීමකට පත්වන බව පැවසු ලේකම් ජෙනරාල්වරයා කියා සිටියේ : මෙම තොරතුරු අනෙකුත් සාක් රටවල් අතරට ලබාදීම සඳහා සාර්ක් ලේකම් කාර්යාලය හරහා කඩිනම් ක්‍රියා පිළිවෙතක් අනුගමනය කරන බවයි.
     
    ලබන වසරේ පැවැත්වෙන සාර්ක් රටවල ප්‍රවාහන අමාත්‍යවරුන්ගේ සමුළුවේදී මෙම ප්‍රතිපත්ති ඉදිරිපත් කරන බවත්, රටවල් අතර ප්‍රවාහන ක්ෂේත්‍රය පිළිබඳව තිබෙන දැනුම හා පළපුරුදු ක්‍රියාකාරකම් බෙදා ගැනීම සඳහා සාර්ක් ලේකම් ජෙනරාල් කාර්යාලයේ සහය ලබා ගැනීමට අපේක්ෂා කරන බවත් මෙහිදී අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා විසින් කියා සිටියේය.
     
    එමෙන්ම ප්‍රවාහන ක්ෂේත්‍රය සංවර්ධනය කිරීම සඳහා සාර්ක් කලාපය තුළ සෑම රටකටම තිබෙනුයේ පොදු ප්‍රශ්නයක් වන යටිතල පහසුකම් දියුණු කිරීම බවද අමාත්‍යවරයා තවඳුරටත් පැවසීය. මෙහිදී කොළඹ සිට නේපාලයේ කත්මණ්ඩු නුවර අතර සෘජු ගුවන් සේවාවක් ආරම්භ කිරීම පිළිබඳව ද ලේකම් ජෙනරාල්වරයා සහ ප්‍රවාහන අමාත්‍යවරයා අතර කරුණු සාකච්ඡා විය.
     
    පසුගිය මාර්තු මස පළමු දින සාර්ක් ලේකම් ජෙනරාල්වරයා වශයෙන් පත්වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාවට පැමිණි ප්‍රථම වතාව මෙය බවත්, ඉදිරි දිනයේදී පැවැත්වෙන ස්වදේශ කටයුතු පිළිබඳව අමාත්‍යවරුන්ගේ සමුළුවකට සහභාගී වීමටද නියමිත බවත් පැවසීය.
     
    මෙම අවස්ථාවට ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යාංශයේ ලේකම් නිහාල් සෝමවීර මහතාද සහභාගී විය.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya