අප්‍රේල් 20, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කලුතර දිස්ත්‍රික්කයේ ඩෙංගු මැඩලීමට විශේෂ වැඩසටහනක්

    ජූලි 13, 2017
    ඩෙංගු රෝගය තුරන් කිරිම පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අද (12) පැවැත්විණි. 
     
    කලුතර දිස්ත්‍රික්කයේ බේරුවල ආසනය තුළ ඩෙංගු රෝගය තුරන් කිරිම පිළිබඳ ව මෙහිදී අවධානය යොමු වූ අතර, එහි මුලසුන හොඹවන ලද්දේ සෞඛ්‍ය අමාත්‍යතුමාගේ පෞද්ගලික ලේකම් විශේෂඥ වෛද්‍ය සුජාතා සේනාරත්න මහත්මිය විසිනි. මෙම වැඩපිළිවෙළ ලබන 15දා බේරුවල සහ කලුතර දිස්ත්‍රික්කයේ තවත් ප්‍රාදේශීය සභා බලප්‍රදේශ කිහිපයක ක්‍රියාත්මක කිරීමට සැලසුම කර ඇත. 
     
    මෙහිදී මදූරු මර්දන කටයුතු සඳහා දළ වශයෙන් කණ්ඩායම් 100 ක් යොදා ගැනීමට තිරණය කරන ලදි. එම කණ්ඩායම්වලට සෞඛ්‍ය නිලධාරීන්, පොලිස් නිලධාරීන්, ත්‍රිවිධ හමුදා සාමාජිකයින් ඇතුලත් වෙයි.
     
    ඩෙංගු මදූරු මර්දන පිළිබඳ ජනතාව දැනුවත් කිරීමේ ප්‍රචාරණ කටයුතු මෙම මස 13 සහ 14 යන දෙ දින සිදූ කිරීමටත්, ඒ සඳහා අවශ්‍ය රථ බේරුවල ප්‍රාදේශීය සභාව, බේරුවල නගර සභාව, බේරුවල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ලබාගැනීමට ද තීරණය කෙරුණි. බේරුවල ප්‍රදේශයේ චීන කොටුව ප්‍රදේශයේ මදූරු ඝණත්වය වැඩිවී ඇති බැවින්, එහි නිවාස 1200 ක් ධූමායන කිරීමට නියමිතය. තව ද බේරුවල ප්‍රදේශයේ ඉවත් කර ඇති ධීවර බොට්ටු පරීක්ෂා කිරීමට ද නියමිතය. කලුතර දිස්ත්‍රික්කයේ මතුගම, දොඩම්ගොඩ සහ කළුතර යන ප්‍රාදේශිය සභා බල ප්‍රදේශ සහ කලුතර මහ නගර සභා බල ප්‍රදේශයේ කැලිකසල කළමණාකරණය කිරීම පිළිබඳව ද මෙහිදී අවධානය යොමු විය. 
     
    මෙම අවස්ථාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඩෙංගු පාලනය පිළිබඳ විශේෂ මෙහෙයුම් නිලධාරී වෛද්‍ය අජිත් මෙන්ඩිස්, නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරුන්, අධ්‍යක්ෂවරු ඇතුලු නිලධාරින් රැසක් එක්ව සිටියහ. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya