අප්‍රේල් 24, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෘතිම රා ප්‍රවාහන කන්ටේනර වැටලීමට සුව ඇමැතිගෙන් නියෝග

    ජූලි 11, 2017
    ඇතැම් දේශපාලනඥයින්ගේ මැදිහත්වීම මත වයඹ පළාතේ සිට කලුතර දිස්ත්‍රික්කයේ මත්පැන් නිෂ්පාදනාගාරවලට රැගෙන එන කෘත්‍රීම රා කන්ටේනර වහාම අත්අඩංගුවට ගන්නා ලෙස සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය සහ බේරුවල ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවේ සම සභාපති දොස්තර රාජිත සේනාරත්න මහතා සුරාබදූ දෙපාර්තමේන්තුවට සහ පොලීසියට ඊයේ (10) නියෝග කරන ලදි. ඒ බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් කාර්යාලයේ පැවැති ප්‍රාදේශීය සම්බන්ධිකරණ කමිටු රැස්වීමෙි දීය. 
     
    පසුගිය රජය සමයේ කලුතර දිස්ත්‍රික්කයේ සිටි ඇතැම් දේශපාලඥයින්ට එම කෘත්‍රීම රා ප්‍රවාහනය කිරිමට සහයෝගය ලබාදීම වෙනුවෙන් මත්පැන් සමාගම් දිනකට රුපියල් 250,000 මුදල් ගෙවා ඇති බව හෙළි වී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය. කිසිවෙකුට බිය නොවී එම කෘත්‍රීම රා ප්‍රවාහන කන්ටේනර අත්අඩංගුවට ගන්නා ලෙස දැනුම් දූන් සෞඛ්‍ය අමාත්‍යවරයා මෙම ජාවාරම පිටුපස සිටින පුද්ගලයින් පිළිබඳ ව බුද්ධි අංශ පරීක්ෂණයක් ද ක්‍රියාත්මක බව ප්‍රකාශ කළේය. මෙම ජාවාරමට පොලීසියේ හෝ සුරාබදූ දෙපාර්තුවේ නිලධාරින් සම්බන්ධ නම් ඔවුන්ගේ නම් ඉදිරියේ දී හෙළි කරන බව ද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තමන් මේ පිළිබඳ ව කැබිනට් මණ්ඩලය ද දැනුවත් කළ බව හෙතෙම කියා සිටියේය. කලුතර දිස්ත්‍රික්කයේ පොල් රා නිෂ්පාදනය කිරිම සඳහා ලියාපදිංචි කර ඇති පොල්ගස් ප්‍රමාණය හා ඉන් ලැබෙන ස්වාභාවික  රා නිෂ්පාදන පිළිබඳ ව සමීක්ෂණක් සිදූ කර  මීලඟ සම්බන්ධීකරණ රැස්වීමට ලබාදෙන ලෙස සෞඛ්‍ය අමාත්‍යවරයා සුරාබදූ නිලධාරින්ට දැනුම් දෙන ලදි. 
     
    සම්බන්ධීකරණ කමිටු රැස්වීමට පැමිණ සිටි මහජන නියෝජිතයින් පෙන්වා දූන්නේ බේරුවල ආසනයේ නීතිවිරෝධී මත්පැන් සහ මත්ද්‍රව්‍ය වැඩි වී ඇති බැවින් ඊට පිළියම් යෙදිය යුතු බවයි. එහිදී අදහස් දැක් වූ සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේ කලුතර දිස්ත්‍රික්කයම ආවරණය වන පරිදි නීතිවිරෝධී මත්පැන් සහ මත් ද්‍රව්‍ය වැටලීම සඳහා නව වැඩපිළිවෙළක් කළුතර නව ඡ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රන්මල් කොඩිතුවක්කු මහතා විසින් ලබන සතියේ ආරම්භ කරන බවයි. 
     
    මෙම අවස්ථාවට බස්නාහිර පළාත් සභා මන්ත්‍රි ඉෆ්ටිකාර් ජමිීල් මහතා, ප්‍රසන්න සංජීව සහ හිටපු බස්නාහිර පළාත් සභා මන්ත්‍රි එම්.එම්. අම්ජාඩි මහතා ඇතුලු මහජන නියෝජිතයින් මෙන්ම බේරුවල ප්‍රාදේශීය මහ ලේකම් චතුර මල්රාජ් මහතා ඇතුලු නිලධාරින් සහභාගි වී සිටියහ. 
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya