අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සංචාරක කර්මාන්තය නැංවීමට ජලාශ්‍රිත සංචාරක බෝට්ටු සේවාවක්

    ජූලි 10, 2017

    සංචාරක ආකර්ශනය නැංවීම සඳහා, ජලාශ්‍රිත සංචාරක බෝට්ටු සේවාවක් ක්‍රියාත්මක කිරීමට අදාළ ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු පසුගිය දා බේරුවල ධීවර වරායේදී ආරම්භ විය.

    මේ සඳහා වැය කරන මුදල රු. දශ ලක්ෂ 140ක් වන අතර, එහි සමාරම්භක අවස්ථාවට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය ගරු මහින්ද අමරවීර මැතිතුමා සහ ශ්‍රී ලංකාවේ බෙල්ජියම් කොන්සල්වරයා වශයෙන් කටයුතු කරන පියරේ ප්‍රින්ගියරිස් මහතා සහභාගි වූහ.
     
    මෙම සංචාරක බෝට්ටු සේවාව ආරම්භ කිරීමත් සමඟ, එම ප්‍රදේශයේ සෘජු හා වක්‍ර රැකියා අවස්ථා  විශාල ප්‍රමාණයක් බිහිවේ.සේවා කටයුතු, අළුත්වැඩියාව සහ නඩත්තුව කටයුතු, යාත්‍රා නිමවීමේ කටයුතු වල නිරතවන්නන්ට හා මුහුද ආශ්‍රිත සංචාරක කටයුතු වල නිරතවන්නන්ට මෙමගින් විශාල ප්‍රථිලාභ රැසක් අත්වන බව ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya