අප්‍රේල් 27, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආපදාවට ලක් වූ ප්‍රදේශවල දරුවන්ට "නැණ දිරිය" ශිෂ්‍යාධාර

    ජූලි 07, 2017

    "නැණ දිරිය" ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන යටතේ පසුගිය දිනවල ඇති වූ හදිසි ආපදා තත්ත්වය හේතුවෙන් මව, පියා හෝ දෙමාපියන් දෙදෙනාම මියගිය දරුවන් සඳහා ශීෂ්‍යාධාර ලබාදීම අද (07) කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මියගේ ප්‍රධානත්වයෙන් සිදු විය. ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීම කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයේ ලෝක බැංකු ශ්‍රවණාගාරයේදී පැවැත්විණි.

    ඒ යටතේ කළුතර, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල දෙමාපියන් අහිවි වූ දරුවන් 28 දෙනෙකු සඳහා මෙහිදී ශිෂ්‍යත්ව පිරිනැමිණි. ඒ අනුව එක් දරුවෙකුට මසකට රුපියල් 2000ක බැගින් වූ ශිෂ්‍යාධාර හිමිවේ. ඊට අදාල බැංකු ගිණුම් පොත් සහ උපකරණ කට්ටල ලබාදීම මෙහිදී සිදු විය.

    මෙම ශිෂ්‍යාධාර දරුවන්ගේ වයස අවුරුදු 18 තෙක් ලබා දීමට කටයුතු සැලසුම් කර ඇති බවත්, ඉන් පසුව ද උසස් අධ්‍යාපන කටයුතු සහ ඔවුන්ගේ සියළු කටයුතු සඳහා අමාත්‍යංශය සහ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව මැදිහත්ව කටයුතු කරනු ලබන බවත් මෙහිදී අදහස් දැක්වූ කාන්තා හා ළමා කටයුතු අමාත්‍ය චන්ද්‍රානි බණ්ඩාර මහත්මිය පවසා සිටියාය.

    අමාත්‍යවරිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගෙන් කරන ලද විශේෂ ඉල්ලීමකට අනුව ගං වතුරින් සහ නාය යෑම්වලින් විපතට පත් පවුල්වල දරුවන්ගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීම සඳහා රුපියල් මිලියන 75ක මුදලක් අමාත්‍යංශය වෙත ලැබී ඇත. 

    එම මුදල් යටතේ ක්‍රියාත්මක කරනු ලබන වැඩසටහන්වල පළමු පියවර ලෙස මෙම "නැණ දිරිය" ශිෂ්‍යාධාර ලබාදීමේ වැඩසටහන අමාත්‍යංශය සහ පරිවාස හා ළමා රක්ෂක සේවා දෙපාර්තමේන්තුව විසින් සංවිධානය කෙරිණි.

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya