අප්‍රේල් 18, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    හදිසි ආපදා රැඳවුම් මධ්‍යස්ථාන

    ජූලි 08, 2017
    හදිසි ආපදා අවස්ථාවකදී ඒ පිළිබඳ පූර්ව දැනුම් දීම් සිදු කළ වහාම බලපෑමට ලක් වන අදාළ ප්‍රදේශවල පදිංචි ජනතාව ඉවත් කර රැඳවුම් මධ්‍යස්ථාවල පදිංචි කරවීම මඟින් ඔවුන්ට ආරක්ෂාව ලබා දීමටත්, අවශ්‍ය අනෙකුත් සහන කාර්යක්ෂමව ලබා දීමටත් හැකිවන අයුරින් පොදු රැඳවුම් මධ්‍යස්ථාන දිස්ත්‍රික් මට්ටමෙන් ඉදිකිරීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇත.
     
    ආපදා කළමනාකරණ අමාත්‍ය අනුර ප්‍රියදර්ශන යාපා මහතා ඉදිරිපත් කළ යෝජනාවක් සැලකිල්ලට ගනිමින් දිස්ත්‍රික්ක 25ම ආවරණය වන පරිදි, එකවර පුද්ගලයින් 100ත් 200ත් අතර සංඛ්‍යාවක් ‍රැඳවිය හැකි රැඳවුම් මධ්‍යස්ථාන 100ක් 2018 - 2020 කාලසීමාව තුළ දිවයින පුරා ඉදි කිරීම සිදු කෙරෙනු ඇත.
     
    ආගමික ස්ථාන සහ පාසල් ගොඩනැඟිලි දැනට තාවකාලික රැඳවුම් මධ්‍යස්ථාන වශයෙන් බහුලව භාවිත කරනු ලබන අතර ඒවායේ පහසුකම් ප්‍රමාණවත් නොවීමත්, පාසල් ගොඩනැඟිලි යොදා ගැනීම පාසල් සිසුන්ගේ අධ්‍යාපන කටයුතුවලට අහිතකර ලෙස බලපෑමත් හේතුවෙන් මෙලෙස රැඳවුම් මධ්‍යස්ථාන ඇතිකිරීමට හේතු වී ඇත.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya