අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නාවික හමුදා මැරීන් භටයින් එක්සත් ජනපද නාවික හමුදාව සමඟ ආපදා සහන කටයුතුවල

    ජූනි 13, 2017
    එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෟකාවෙන් පැමිණි සියයකට අධික නාවික පුද්ගලයින් ශ්‍රී ලංකා නාවික හමුදාවේ මැරීන් බළකාය‍ට  අයත්  නාවිකයන් සමග එක්ව ගාල්ල, මාතර සහ කොළඹ දිස්ත්‍රික්කවල මානුෂීය උපකාර සහ ආපදා සහන කටයුතුවල ඊයේ (ජුනි 12) නිරත විය.
     
    මේ අනුව නාවික මැරීන් භ‍ටයන් 50ක් සහ එක්සත් ජනපද නාවික පුද්ගලයින් 119 ‍දෙනෙකු සමග එක්ව මාතර දිස්ත්‍රික්කයේ නිල්වලා ගඟ ආශ්‍රිත පැති බැමිවල ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතුවල නිරත වූහ. 
     
    තවද මේ සඳහා මාතර ප්‍රාදේශීය ඉංජිනේරු කර්යාලයේ සහය ද ලබා ගත් අතර මේ අතර තවත් මැරීන් භටයින් 21 දෙනෙකු එක්සත් ජනපද නාවික පුද්ගලයින් 72 දෙනෙකු සහ ගාල්ල දිස්ත්‍රික්කයේ  සහ කොළඹ තෝරාගත් ප්‍රදේශවල රතුකුරුස සමාජයේ සහය ඇතිව ප්‍රදේශයේ ළිං පිරිසිදු කිරීමේ සහ තවත් පුනරුත්ථාපන වැඩසටහන් කිහිපයක් දියත්  කිරීමට කටයුතු කෙරිණි. 
     
    එක්සත් ජනපද නාවික හමුදාවට අයත් ලේක් ඊරි නෞකාව දෙසතියක පශ්චාත් ආපදා සහන සැලසීමේ ක්‍රියාන්විතයක් සඳහා පසුගිය 11 දා කොළඹ වරායට පැමිණියේය.
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya