අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අභිනව දෙමහල් සංඝාවාසය විවෘත කෙරේ

    ජූනි 14, 2017

    ගාල්ල දිස්ත‍්‍රික්කයේ තල්ගස්වල පොල්පැළකැටිය ශ්‍රී දේවගිරි විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කරන ලද චෛත්‍යය කොත නිරාවරණය කිරීම සහ අභිනව දෙමහල් සංඝාවාසය විවෘත කිරීමේ පුණ්‍යෝත්සවය පසුගිය දා ඇතුල්කෝට්ටේ ශ්‍රී මහින්දාරාමාධිපති, ශ්‍රී ලංකා නිපෝන් අධ්‍යාපන කේන්ද්‍රයේ මහ ලේකම්, ප‍්‍රධාන සංඝනායක මීගහතැන්නේ චන්ද්‍රසිරි නාහිමිපාණන් වහන්සේගේ ප‍්‍රධානත්වයෙන් පැවැත්විණි.

    එම පුණ්‍යෝත්සවයේ දී අභිනව දෙමහල් සංඝාවාස ගොඩනැගිල්ල සග සතු කොට පූජා කිරීම ඉඩම් හා පාර්ලිමේන්තු ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා අතින් සිදු කෙරුණි.

    එම අවස්ථාවට ශ්‍රී දේවගිරි විහාරාධිපති හොරන්ගල්ලේ මහින්ද නාහිමියන් සහ විහාරාධිකාර වැලිවිටියේ ධම්මික හිමිපාණන් ප‍්‍රධාන මහා සංඝරත්නය ද ප‍්‍රදේශවාසීන් රැසක් ද සහභාගී වූහ.​

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya