අප්‍රේල් 26, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පොදු ප්‍රවාහන සේවාව නියාමනයක් කළ යුතුයි - ප්‍රවාහන ඇමැති

    ජූනි 12, 2017
    ප්‍රවාහන කේෂත්‍රය තුළ පැන නැගී තිබෙන මැරක්‍රියා සහ කප්පම් ගැනීම් නතර කිරීම සඳහා නියාමන ක්‍රමවේදයක් ඇති කිරිම පිළිබඳව අද විශාල ප්‍රශ්නයක් ව ඇති බවත් නීතියෙන් මෙය කරන්න පුළුවන්ද, සදාචාරය තුළින්  කරන්න පුලුවන්ද, යහපාලනය තුලින් මෙය කරන්න පුළුවන්ද කියන ප්‍රශ්න රාශියක් අද මතුවෙලා තිබෙන බවත් ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය.
     
    ප්‍රවාහන හා සිවිල් ගුවන්සේවා අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා මේ බව ප්‍රකාශ කළේ අද (12) දින බත්තරමුල්ල වෝටර්ස් එජ් හෝටලයේ පැවති ජාතික හා පළාත් ප්‍රවාහන කේෂත්‍රය ශක්තිමත් කිරිම පිළිබඳ ව වැඩමුළුවට එක්වෙමිනි.
     
    "ගමනාගමන මණ්ඩලය සහ පුද්ගිලික බස් හිමියන් අතර තරගකාරිත්වය ඔලු පලාගන්න තත්වයට, බස් කුඩු කරගන්නා තත්වයට, මැර ක්‍රියාවන් පත්වෙලා තියෙනවා. එමෙන්ම දිවයිනේ විවිධ ප්‍රදේශවල තිබෙන පෞද්ගලික බස්රථ නැවතුම් පොලවල්වල සිදුකෙරෙන කප්පම් ගැනීම් පිළිබඳ ව විශාල වශයෙන් පැමිණිලි ලැබී තියෙනවා. මේවා නැතිකිරීම ප්‍රවාහන ඇමතිවරයා ලෙස මාහට පමණක් සිදුකළ නොහැකියි. ජාතික ගමනාගමන කොමිසමටත් සිදුකළ නොහැකියි. ඒ නිසා අද සියලු මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීවල සිටින නිලධාරින සහ පළාත් ප්‍රවාහන අමාත්‍යවරුන් සහභාගී වී සිටින මෙම සාකච්චා මණ්ඩපයේදී මා තීරණය කළා මේ සියලු බස් නවතුම්පොලවලට ආරක්‍ෂිත කැමරා පද්ධති සවි කිරීමට. ඒ තුළින් කප්පම් ගන්න සහ කප්පම් ලබාදෙන පිරිස නීතියේ රැහැනට කොටුකර ගැනීමට අපට හැකිවන බව මා විශ්වාස කරනවා. 
     
    කිසි ලෙසකින් ලංගම බස්රථ ඇණිය තවදුරටත් වැඩි නොකිරීමට ප්‍රතිපත්තිමය වශයෙන් තීරණයක් ගෙන තිබෙන බවත් එමෙන්ම මේ රටේ සිටින මගී ජනතාවගේ සංඛ්‍යාව අනුව දැනට තිබෙන පෞද්ගලික බස්රථ ඇණිය ද ප්‍රමාණවත් බවත් පෙන්වාදෙන ප්‍රවාහන අමාත්‍යවරයා ඒ නිසා අනවශ්‍ය පරිදි දේශපාලන බලපෑම් මත හා පෞද්ගලික වාසි තකාගෙන ඉදිරියේදී පුද්ගලික බස්රථ සඳහා පර්මිට් නිකුත් නොකරන්න යැයි ද ඉල්ලීමක් කළේය.
     
    අවශ්‍යම මාර්ග සඳහා පමණක් පර්මිට් නිකුත් කරන ලෙසට පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරීවලින් ඉල්ලා සිටි අතර ඒ තුළින් අනවශ්‍ය තරගකාරීත්වයක් ඇතිවීම වැළක්විය හැකි බවත් බස්රථ ව්‍යාපාරයේ යෙදී සිටින අය ණයකාරයන් නොකොට ශක්තිමත් කිරීමට හැකි වනු ඇති බවත් විශ්වාස කරන්නේ යැයි ද පැවසීය.
     
     එම වැඩමුළුවේදි ප්‍රවාහන කේෂත්‍රයට බලපාන ප්‍රධාන කරුණු 12ක් පිළිබඳ ව සාකච්ඡාවට භාජනය විය. 
     
    මෙම වැඩමුළුවට දකුණු පාළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා, උව පළාත් ප්‍රවාහන අමාත්‍ය සාලිය සුමේධ සිල්වා, උතුරු මැද පළාත් ප්‍රවාහන අමාත්‍ය සුසිල් ගුණරත්න යන අමාත්‍යවරුන් ඇතුළු ජාතික ගමනා ගමන කොමිසමේ  සභාපති එම්.ඒ.පි. හේමචන්ද්‍ර මහතා ඇතුළු නිළධාරින් සහ පළාත් ප්‍රවාහන අධිකාරිවල  නිළධාරින් රැසක් ද  සහභාගි වූහ.
     
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya