මාර්තු 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නව තාක්ෂණ නිලධාරීන් 140ක් රාජ්‍ය සේවයට

    ජූනි 12, 2017
    නව තාක්ෂණ නිලධාරීන් 140 දෙනෙකු සඳහා පත්වීම් ලිපි ලබාදීම අද (12) ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී සිදු කෙරිණ.
     
    මෙම අවස්ථාවට එක් වූ ස්වදේශ කටයුතු අමාත්‍යවරයා පැවසුවේ, ස්වදේශ කටයුතු අමාත්‍යාංශය මේ වන විට අමාත්‍යාංශය රැසක් සමඟ සම්බන්ධ වෙමින් රටේ සංවර්ධනය වෙනුවෙන් විශාල කාර්යභාරයක් සිදු කරන බවයි.
     
    මෙහිදී අමාත්‍යාංශය මට්ටමින් විවිධ දුෂ්කරතාවන්ට මුහුණ දුන් බවත්, එසේ දුෂ්කරතාවන්ට මුහුණ දුන්නත් කිසිදු අයුරකින්, තම අමාත්‍යාංශයේ කටයුතු අතපසු නොකර ඇති බවත් අමාත්‍යවරයා පැවසීය.
     
    අමාත්‍යාංශය යටතේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල 25ක් ඇති බවත්, එමෙන් ම ප්‍රාදේශීය ලේකම් කාර්යාල මෙන්ම ග්‍රාම නිලධාරී කොට්ඨාස 14022ක් ද දිවයිනපුරා ව්‍යාප්තව ඇති බවත් අමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. මේවා ඔස්සේ සිදුකරනු ලබන සංවර්ධන ව්‍යාපෘති වලදී නිලධාරී හිගය විශාල වශයෙන් බලපෑ බව පෙන්වා දුන් අමාත්‍යවරයා, මීට විසදුම් ලෙස අද (12) වන දින කාර්මික අංශයේ පැවති හිගය මකාලමින් 140ක් වැනි ප්‍රමාණයක් මෙම සේවයට බඳවා ගැනීමට ලැබීම පිළිබඳව තමා සතුටුවන බව පැවසීය.
     
    මෙම නිලධාරීන් බඳවා ගැනීමට සමඟාමී ව  මධ්‍යම රජයේ තාක්ෂණ නිලධාරීන් පුහුණු කිරීමේ වැඩසටහනකට අදාළ ගිවිසුමට අත්සන් කිරීම ස්වදේශ කටයුතු අමාත්‍යාංශය සහ INSEE සිමෙන්ති සමාගම එක්ව අද (12) වන දින සිදු කෙරිණ.
     
    මෙම වැඩසටහන මගින් දිවයිනේ දිස්ත්‍රික් ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයන්හි සේවයේ නියුතු තාක්ෂණ නිලධාරීන් 350කට අධික පිරිසක් මාස 06ක පුහුණුවකට යොමු කෙරේ. වෘත්තීය පුහුණු අධිකාරිය හා එක්ව මෙම පුහුණු වැඩසටහන සංවිධානය කරන අතර කොළඹ, ගාල්ල, නුවර, පුත්තලම හා බදුල්ල යන මධ්‍යස්ථාන 05ක් තුළදී මෙම තාක්ෂණ නිලධාරීන්ගේ පුහුණුව සිදුකෙරේ.
     
    තාක්ෂණ නිලධාරීන්ගේ වෘත්තීයට සරිලන නවීන පුහුණුව මෙමගින් ලබාදීමට අපේක්ෂිත අතර, INSEE සිමෙන්ති සමාගම මෙම පුහුණු වැඩමුළුව වෙන්වෙන් රුපියල් මිලියන 5ක මුදලක් ආයෝජනය කරන බව එම අවස්ථාවට එක්වූ එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක මහතා පැවසීය.
     
    මෙම අවස්ථාව සඳහා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් නීල් ද අල්විස්, කොළඹ දිස්ත්‍රික් ලේකම් සුනිල් කන්නන්ගර, INSEE සිමෙන්ති සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී නන්දන ඒකනායක යන මහත්වරු  ඇතුළු පිරිසක් ද පත්වීම්ලාභීන් ද එක්ව සිටියහ.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya