මැයි 08, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරාපිටිය රෝහලට අවධානමක් නැහැ - සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්

    ජූනි 12, 2017
    ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ වාට්ටුවක ඊයේ (11) රාත්‍රීයේ සිදූ වූ ඉරිතලායාම පිළිබඳ ව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විශේෂ විමර්ශණයක් ආරම්භ කළ බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා පවසයි. 
     
    අද (12) පෙරවරුවෙි එම ස්ථානයට ලඟා වූ ජාතික ගොඩනැගිලි පර්යේෂණ අංශයේ ඉංජිනේරුවන් විසින් ඉරිතලා යාම පරික්ෂා කිරීමෙන් පසු ප්‍රකාශ කර ඇත්තේ අවධානමක් නොමැති බවයි. එය මුලික පරීක්ෂණයක් වන බවත්, තවදුරටත් පරීක්ෂණ සිදු කරන බවත්, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා සඳහන් කරයි. 
     
    සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ උපදෙස් මත ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය විමර්ශණය ආරම්භ කර ඇත.
     
    ඉරිතලා යාමකට ලක් වූවද රෝහලේ නේවාසික රෝගීන් ඉවත් කිරීමේ අවශ්‍යතාවයක් නොමැති බව ද සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා අවධාරණය කර සිටියි. 

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya