සැප්තැම්බර් 22, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "නිල මෙහෙවර" අද ඇහැටුවැව දී

    මැයි 06, 2017

    “නිල මෙහෙවර” ජනපති ජනතා සේවයේ කුරුණෑගල දිස්ත්‍රික් ඇහැටුවැව ප්‍රාදේශීය ජනතා සේවය අද (06) පෙ.ව.8.00 ට ඇහැටුවැව, බණ්ඩාරනායක නවෝද්‍යා පාසලේදී ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

    ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ උපදේශකත්වයෙන් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මගපෙන්වීම යටතේ ස්වදේශ කටයුතු අමාත්‍යංශය සංවිධානය කළ නිල මෙහෙවර ජනතා සේවයේ පළමු සහ දෙවන වැඩසටහන් පොලොන්නරුව හා ගාල්ල දිස්ත්‍රික්කයන්හීදී  ඉතා සාර්ථකව අවසන් විය.

    නිල මෙහෙවර ජනතා සේවයේ 3,4,5,6 සහ 7 වැනි වැඩසටහන් මේ වන විට කුරුණෑගල, මන්නාරම, මුලතිව්, වව්නියාව සහ කිලිනොච්චි දිස්ත්‍රික්කවල ප්‍රාදේශීය මට්ට්මින් ක්‍රියාත්මක වෙයි.


    මෙම අවස්ථාවට සඳහා දිස්ත්‍රික්කයේ අමාත්‍යවරුන් පිරිසක් ද සහභාගිවීමට නියමිතයතය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya