අප්‍රේල් 25, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “දි මෙල් වත්ත” මහල් නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට

    මාර්තු 27, 2014
    රුපියල් ලක්ෂ 141ක වියදමින් පූර්ණ ප්‍රතිසංස්කරණයකට ලක්කරන ලද කොළඹ 14, ග්‍රෑන්ඩ්පාස් "දි මෙල් වත්ත" මහල් නිවාස යෝජනා ක්‍රමය ජනතා අයිතියට පත්කිරීම ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (27) පස්වරු 4.30ට සිදුකිරීමට නියමිතය.
     
    වර්ෂ 1980 දී ඉදිකළ “දි මෙල් වත්ත” නිවාස යෝජනා ක්‍රමය එවකට නිවාස අමාත්‍යවරයා වූ ආර්. ප්‍රේමදාස මහතා විසින් 1982 දී ජනතා අයිතියට පත්කරන ලදී. මෙහි A,B,C,D,E සහ F වශයෙන් මහල් නිවාස ගොඩනැගිලි 6ක් පිහිටා ඇත. බිම් මහල හා මහල් 3කින් සමන්විත එක් ගොඩනැගිල්ලක නිවාස 16ක් පිහිටා ඇති අතර ගොඩනැගිලි 6 හිම නිවාස 96ක් පිහිටා ඇත.
     
    “මහින්ද  චින්තන ඉදිරි දැක්ම” යටතේ විමල් වීරවංශ අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ක්‍රියාත්මක “ජන සෙවණ”නිවාස දස ලක්ෂයේ ජාතික නිවාස හා ජනාවාස සංවර්ධන මෙහෙයුමට සමගාමීව ක්‍රියාත්මක “නගමු පුරවර ” වැඩසටහන යටතේ මෙම මෙම මහල් නිවාස යෝජනා ක්‍රමය  පූර්ණ ප්‍රතිසංස්කරණයට ලක් කර ඇත්තේ සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරිය විසිනි.
     
    මෙහි සිදුකළ ප්‍රතිසංස්කරණයන් යටතේ වහල අලුත්වැඩියා කිරීම, වැසි නල අලුත්වැඩියා කිරීම, ජල ටැංකි අලුත්වැඩියා කිරීම, අපත නල අලුත්වැඩියා කිරීම, අබලන් බිත්ති කපරාරු කිරීම, කාණු අලුත්වැඩියා කිරිම, කසල බක්කි දොරවල් දැමීම, ජල පොම්පාගාර අලුත්වැඩියා කිරීම, බාහිර අලංකරණ කටයුතු (පොදු භූමිය) හා තීන්ත ආලේප කිරීම සිදු කොට ඇත.
     
    මෙම අවස්ථාවට ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍යංශයේ ලේකම් පී.එච්.එල්. විමලසිරි පෙරේරා, සහාධිපත්‍ය කළමනාකරණ අධිකාරියේ සභාපති නීතිඥ කපිල ගමගේ, එහි සාමාන්‍යාධිකාරී උපාලි උපවංශ යන මහත්වරුන් ඇතුළු නිවාසවාසීන් විශාල පිරිසක් සහභාගීවීමට නියමිතය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya