අප්‍රේල් 19, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    2020 දී ශ්‍රී ලංකාව හොඳම ඇඟලුම් නිපදවන රටවල් 10 අතරට

    මාර්තු 26, 2014

    ශ්‍රී ලංකාවේ ඉදි කළ නවීන තාක්ෂණයෙන් යුතු පළමු වන සම්භාණ්ඩ හා පාවහන් පුහුණු අංශය හා නවතම ඉංජිනේරු අංශය පසුගියදා රත්මලාන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟළුම් ආයතනයේදී කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා විසින් විවෘත කරන ලදි.

    කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයට අනුබද්ධ ආයතනයක් ලෙස ක්‍රියාත්මක වන ශ්‍රී ලංකා  පේෂකර්ම හා ඇඟඑම් ආයතනය රුපියල් මිලියන 20ක ආයෝජනයක් මේ සඳහා සිදු කර ඇත.

    මෙම අවස්ථාවට සහභාගී වූ කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍ය රිෂාඩ් බදියුදීන් මහතා සම්භාණ්ඩ හා පාවහන් පුහුණු අංශය හා නවතම ඉංජිනේරු අංශය විවෘත කරමින් ප්‍රකාශ කළේ 2013 දී අපගේ ඇඟලුම් ක්ෂේත්‍රය ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක වාර්තාගත ආදායමක් උපයා ඇති බවයි.

    වැඩි දුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා ‘ ශ්‍රී ලංකාව 2016 වන විට ඇමරිකානු ඩොලර් බිලියන 1‍0ක ඇඟලුම් අපනයන ආදායමක් උපයා ගැනීමේ ඉලක්කයක් ළඟා කර ගැනීමට බලාපොරොත්තු වෙනවා. එසේම 2020 වන විට ඇඟලුම් නිෂ්පාදනය කරන හා අපනයනය කරන ලෝකයේ හොඳම රටවල් 10 අතරට ඒමේ ඉලක්කයද හඹා යමින් සිටිනවා. පසුගිය වසරේදී අප ඇමරිකානු ඩොලර් බිලියන 4.3ක වාර්තාගත ආදායමක් ලැබුවා. මහින්ද චින්තන ඉදිරි දැක්ම ප්‍රතිපත්තිය අපගේ රටට මෙවැනි ඉලක්ක ලබා ගැනීමට හොඳ මාර්ගයක් විවෘත කර තිබෙනවා’ යයිද ප්‍රකාශ කළේය.



    ඇඟලුම් ක්ෂේත්‍රයට පිවිසෙන ආධුනිකයන් හට විශිෂ්ට සේවාවක් සපයන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මේ වන විට 30 වසරක සේවා කාලයක් සම්පූර්ණ කර ඇති අතර වසරකට 185 කට අධික පාඨමාලා ප්‍රමාණයකින් පුහුණුලාභීන් 3500ක් පමණ බිහි කරයි. ඇඟලුම් කර්මාන්තයේදී කුඩා ප්‍රමාණයේ ඇඟලුම් ප්‍රමාණයක් (කෑලි 2000කට අඩු) නිෂ්පාදනය කිරීමේදී ලෝකයේ පිළිගත් වඩාත්ම කාර්යක්ෂම හා ඵලදායීම ක්‍රමය වන JTI (Just in Time) ක්‍රමය ශ්‍රී ලංකාවට හඳුන්වා දෙනු ලැබුවේද ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය විසිනි. අන්තර්ජාතික මට්ටමේ පිළිගත් පර්යේෂණාගාරවලින් සමන්විත වන ශ්‍රී ලංකා පේෂකර්ම හා ඇඟලුම් ආයතනය මේ වසරේදී තම පාඨමාලා සඳහා සම්භාණ්ඩ හා පාවහන් නිෂ්පාදන තාක්ෂණය නව විෂයක් ලෙස ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව එහි අධ්‍යක්ෂ ජනරාල් ශාන්ත කුරුප්පුමුල්ලගේ මහතා පැවසීය.

    Sri Lanka textile  Garment


    අබිනවයෙන් ඉදි කරන ලද නවීන තාක්ෂණයෙන් යුත් සම්භාණ්ඩ හා පාවහන් අංශය හා නවතම ඉංජිනේරු අංශය විවෘත කිරීමේ අවස්ථාවට කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් අනුර සිරිවර්ධන මහතාද සහභාගී විය.

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya