අප්‍රේල් 23, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය මල් වගාකරුවන්ට ජාතික හා ජාත්‍යන්තර වෙ‍ළෙඳපොළක්

    මාර්තු 26, 2014

    නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන්ට රජයේ මැදිහත්වීම යටතේ මල් වගා කිරීමට අවශ්‍ය මුල්‍යාධාර, උපදේශන සේවා මෙන්ම නිශ්චිත වෙළෙඳපොළක් ඇති කිරීම ආදිය පිළිබඳව විශේෂ සාකච්ඡාවක් පසුගියදා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් එම කාර්යාලයේදී පැවැත්විණි.


    මල් අලෙවි මධ්‍යස්ථානයක් සහ ප්‍රදර්ශනාගාරයක් ඉදිකිරීමට අවශ්‍ය සැලැසුම් පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක් කෙරිණි. ඒ අනුව අදාළ මධ්‍යස්ථානය ඉදිකිරීම සඳහා ලබන මැයි මස මුල්ගල තැබීමට යෝජනා විය. නුවරඑළිය ගොල්ෆ් ක්‍රීඩාංගණය ආසන්නයේ මෙය ඉදිකිරීමට යෝජිත අතර නුවරඑළිය නගර සභාව විසින් අදාළ බිම් කොටස වෙන් කොට දී තිබේ. මේ මඟින් මේ මල් වගාකරුවන්ට ඍජුව සිය ඵලදාව ජාතික සහ ජාත්‍යන්තර වෙළෙඳපොළට සපයාදීමට අවස්ථාව හිමිවන අතර ඍජු හා වක්‍ර රැකියා රැසක්ද ඒ හරහා නිර්මාණය වේ.

     


    නුවරඑළිය දිස්ත්‍රික්කය පුරා මල් වගාකරුවන් 250කට අධික පිරිසක් සිය වගාකටයුතු සිදුකරමින් සිටිති. මෙම මල් සහ පැළ තවාන් ජාතික සහ ජාත්‍යන්තර වෙළෙඳපොළ වෙත යොමු කිරීමේ පැහැදිලි ක්‍රියාවලියක් මේ වනතෙක් හඳුනාගෙන නොතිබුණි. මේ නිසා නුවරඑළිය දිස්ත්‍රික්කයේ මල් වගාකරුවන් සහ කුඩා ව්‍යාපාරිකයන්ගේ සමූපකාර සමිතිය විසින් අතිගරු ජනාධිපතුමා වෙතින් කළ ඉල්ලීමකට අනුව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් පරිදි ජාතික කුඩා ව්‍යාපාර සංවර්ධන වැඩසටහන යටතේ දිවි නැඟුම ජාතික වැඩසටහනට සමගාමීව මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වේ.

     

    NDH/SH-dmu Nuwaraeliya

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya