මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දැරණියගල නිවාස වැඩසටහන සාර්ථකව නිම කෙරේ

    මැයි 28, 2014

    "දැයට කිරුළ" ජංගම සේවාවල දී හඳුනාගත් අඩු ආදායම්ලාභී පවුල් සඳහා දැරණියගල මැතිවරණ කොට්ඨාසයේ  ග්‍රාමසේවා වසම් මට්ටමෙන් නිවාස සාදා දීමේ වැඩසටහන මේ වනවිට අවසන් වී ඇති බව පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය එච්.ආර්. මිත්‍රපාල මහතා පවසයි.

    එම නිවාස හිමිකරුවන් වෙත භාරදීමේ අවස්ථාවට ප්‍රධාන ආරාධිතයා ලෙස සහභාගී වෙමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.

     

    මෙම එක් නිවසක් සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් හැට දහසක් ලබා දී තිබෙන අතර ප්‍රජාවගේ ද දායකත්වය මේ සඳහා ලබා ගෙන ඇත.දැරණියගල මැතිවරණ කොට්ඨාසය  දැරණියගල හා දෙහිඕවිට යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල ග්‍රාම සේවා වසම් 49 කින් සමන්විත වන අතර, ඉන් දැරණියගල  ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමසේවා වසම් 23 හි නිවසවල අයිතිය හිමිකරුවන් වෙත බාර දීම පසුගිය දා සිදු කෙරිණි.

     

     ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya