මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කරදන පාලමේ ඉදිකිරීම් අවසන් අදියරේ

    මැයි 28, 2014

    දැයට කිරුළ 2014 අබිමංගල ව්‍යාපෘතිය ලෙස ආරම්භ කරන ලද වයඹ, සබරගමුව පළාත් යා කරන පොල්ගහවෙල කරදන පාලමේ ඉදිකිරීම් මේ වර්ෂය අවසන් වන විට  නිම කිරීමට හැකි බව ව්‍යාපෘති කළමණාකාර ඉංජිනේරු එච්.ආර්.කේ. පුෂ්පකුමාර මහතා සඳහන් කරයි.

    රුපියල් මිලියන 250ක මුදලක් මේ සඳහා ඇස්තමේන්තු කර ඇති අතර, ආර්ථික සංවර්ධන අමාත්‍යංශයේ ප්‍රතිපාදන යටතේ මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරේ. මෙහි දැනට පවතින පාලම ඉංග්‍රීසි පාලන සමයේ ඉදිකරන ලද්දකි. එසේම මෙම පාලම අවුරුදු 100 කට වඩා පැරණි අතර, වාහන දෙකක් එකවර මාරු වීම ද අසීරු කටයුත්තකි.


    මේ හේතුවෙන් මාර්ගය භාවිත කරන කුරුණෑගල හා කෑගල්ල දිස්ත්‍රික් දෙකේ ජනතාව දැඩි දුෂ්කරතාවයන්ට මුහුණ පා සිටියහ. අභිනව පාලම ජනතා අයිතියට පත් වීමෙන් පසු එම අපහසුතාවය මුළුමනින් ම අවසන් වන අතර, දිස්ත්‍රික් දෙකේ ජනතාවට ඉතා පහසුවෙන් ගමන් කිරීමේ හැකියාව ලැබෙනු ඇති බව ව්‍යාපෘති කළමණාකාර ඉංජිනේරුවරයා වැඩිදුරටත් පැවසීය.

     

    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya