මැයි 03, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සමාජ වෙබ් අඩවි පිළිබඳව නුවරඑළිය පාසැල් දරුවන් දැනුවත් කෙරේ

    මැයි 28, 2014
    සමාජ වෙබ් අඩවි සහ ජංගම දුරකතන භාවිතය පිළිබඳව පාසැල් ළමුන් දැනුවත් වැඩපිළිවෙළක් නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ ක්‍රියාත්මක කරන බව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සඳහන් කරයි.
     
    ජාතික ළමා රක්ෂණ අධිකාරිය සහ නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ මූලිකත්වය මත පාසැල් දරුවන් දැනුවත් කිරීමේ වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
     
    සමාජ වෙබ් අඩවි සහ ජංගම දුරකතන භාවිතය පිළිබඳව පාසැල් ළමුන් දැනුවත් කිරීම මෙහි මූලික අරමුණයි.
     
    පසුගිය කාල සීමාව තුළ ෆේස්බුක් සහ ජංගම දුරකතනය භාවිතය නිසාවෙන් පාසැල් ළමුන් අතර ඇතිව තිබෙන ගැටලුකාරී තත්ත්වය සැලකිල්ලට ගෙන පසුගිය මාසයේ සිට මෙම වැඩසටහන ආරම්භ කොට ඇත. ඒ අනූව නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ උපදෙස් මත අතිරේක දිස්ත්‍රික් ලේකම් යූ.ඩබ්.ආර්.යූ.එම්. අමරසේකර මහත්මියගේ අධික්ෂණය යටතේ මෙම වැඩසටහන පාසල් 10ක් මූලික කොටගෙන ආරම්භ වී ඇත.
     
    මෙම වැඩසටහන යටතේ පාසැල් ගුරුවරුන් සහ විදුහල්පතිවරුන්ද දැනුවත් කිරීම සිදු වේ. සමාජ වෙබ් අඩවි මඟින් සිදුවන හානිදායක වටපිටාව, එම තත්ත්වයන් හදුනාගැනීම, වළක්වා ගැනීම සහ නීත්‍යානුකූල පියවර මෙන්ම ඒ පිළිබඳව දැනුම් දෙන ආයතනයන් පිළිබඳව ද මෙහිදී විශේෂයෙන් ම දැනුවත් කිරීම සිදු වේ.
     
    DB/MS
     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya