මැයි 04, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළියේ නිවාස අහිමිවූවන්ට කඩිනමින් නිවාස

    මැයි 28, 2014
    නුවරඑළිය දිස්ත්‍රික්කයේ නායයෑම් සහ විවිධ ආපදාවලින් නිවාස අහිමි වී සිටින පවුල් වෙත  ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ මුලිකත්වය මත කඩිනමින් නිවාස ඉදිකර දීමට නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිවාස කමිටුව තීරණය කරයි.
     
    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ නිවාස කමිටුව පසුගිය දින දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී රැස්විණි. එහිදී මෙම තීරණය ගනු ලැබීය. 
     
    මේ වන විට ඒ සඳහා ඉඩම් සහ පවුල් ඒකක හඳුනාගැනීම සිදුකොට  අවසන්ව ඇත.  වලපනේ ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසය තුළ මේ වන විටත් මෙවැනි නිවාස 07ක් ඉදිවෙමින් පවතින අතර ඉතාමත් කඩිනමින් සෙසු පවුල් සඳහා ද නිවාස ඉදිකරදීමට  දිස්ත්‍රික් ලේකම්වරයා එහිදී උපදෙස් ලබාදුන්නේය. 
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya