මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    බදුල්ල, මොනරාගල ජංගම සේවා ජුනි 02දා ඇරඹේ

    මැයි 28, 2014
    ග‍්‍රාමසේවා මට්ටමින් ජනතා ගැටලු හදුනාගැනීම සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් ආරම්භ කර ඇති ජංගම සේවා ජනතා සත්කාරක සේවා වැඩසටහන මොනරාගල සහ බදුල්ල දිස්ත‍්‍රික්කයන්හි ක‍්‍රියාත්මක කරන බවත් එම කටයුතු ජුනි මස 02 දින සිට ආරම්භ කරන බවත් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප‍්‍රකාශ කළේය. 
     
    අමාත්‍යවරයා මේ බව ප‍්‍රකාශ කළේ ජංගම සේවා වැඩසටහන ක‍්‍රියාත්මක කිරීමට නියමිත ප‍්‍රදේශවල මහජන නියෝජිතයින්, ප‍්‍රජා සංවිධානවල නායකයින්  සහ රාජ්‍ය නිලධාරීන් දැනුවත් කිරීම සඳහා පසුගිය දා පාර්ලිමේන්තු සංකීර්ණයේදී පැවති සාකච්ඡාවකදීය.
     
    පසුගිය දැයට කිරුළ වැඩසටහනට සමගාමීව දිස්ත‍්‍රික්ක තුනක ක‍්‍රියාත්මක කරනු ලැබූ මෙම වැඩසටහන මඟින් ජනතාව ලැබූ ප‍්‍රතිලාභ ඉතා ඉහළ අගයක් ගත් බවත් එමගින් ජනතාවගේ ගැටලු රැසක් විසදීමට හැකි වූ බවත් අමාත්‍යවරයා කියා සිටියේය. ජනතා අවශ්‍යතා, ජනතාවගේ අදහස් හා යෝජනා තුළින්ම හදුනාගැනීම තුළින් එම ප‍්‍රදේශවල තිබූ අත්‍යවශ්‍ය පහසුකම් රැසක් ලබාදීමට හැකිවූ බවද පෙන්වා දුන් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා මෙම වැඩසටහනේ ප‍්‍රධාන අරමුණ වන්නේ ජනතාවට රාජ්‍ය සේවය විසින් ලබාදිය යුතු විසදුම් ඔවුන් වෙතම ගොස් කඩිනමින් ලබාදීම සහ ග‍්‍රාමීය අවශ්‍යතා ජනතාවගෙන් සෘජුවම ලබාගෙන ඒවාට විසදුම් ලබාදීම බවද කියා සිටියේය.  
     
    වඩාත් කාර්යක්ෂමව රාජ්‍ය සේවාවක් ලබාදීමෙන් ජනතාවගේ ජීවන තත්ත්වය උසස් කිරීමට හැකි වන බවත් ඒ තුළින් රට ආසියාවේ ආශ්චර්ය කරා ගෙන යාමට හැකිවන බවත් අමාත්‍යවරයා මෙහිදී කියා සිටියේය.
     
    මෙම වසර තුළ ජංගම සේවා වැඩසටහන් මාතර, ගාල්ල, හම්බන්තොට සහ රත්නපුරය යන දිස්ත‍්‍රික්කයන්හි ද ක‍්‍රියාත්මක කරන බවද ප‍්‍රකාශ කළ අමාත්‍යවරයා පසුගිය දැයට කිරුළ වැඩසටහනට සමාන්තරව කුරුණෑගල, කෑගල්ල සහ පුත්තගම යන දිස්ත‍්‍රික්කයන්හි පැවති ජංගම සේවා සඳහා රාජ්‍ය නිළිධාරීන් 27000ක් පමණ සහභාගී වූ බවත් එම ජංගම සේවා සඳහා ඉදිරිපත් වූ ගැටලුවලින් සියයට 85ක් පමණ විසදීමට හැකි වූ බවත් පැවසුවේය.
     
    මෙම අවස්ථාවට රංජිත් සියඹලාපිටිය, ඩබ්. ඩී. ජේ. සෙනෙවිරත්න, පවිත‍්‍රා වන්නිආරච්චි, ඩලස් අලහප්පෙරුම, වාසුදේව නානායක්කාර යන ආමත්‍යවරුන් ඇතුළු රජයේ උසස් නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.
     
    DB
     
    MP BR PALIAMENT MEETING 1
     
     
     
    MP BR PALIAMENT MEETING 2

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya