මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    දිවි නැගුම කාර්යමණ්ඩල හා ප්‍රජා මූල නායකයන් දැනුවත් කිරීම කෑගල්ලේ දී

    මැයි 28, 2014

    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව ඇති කිරීම මගින් ග්‍රාමීය මට්ටමේ ජනතාවගේ ආදායම් ඉහළ නංවා ගනිමින් ජීවන තත්ත්වයඋසස් කරලීම, ග්‍රාමීය යටිතල පහසුකම් දියුණු කිරීම, කුඩා කර්මාන්ත දියුණු කිරීම අරමුණු කෙරෙන අතර, ඔවුන් ජාතික සංවර්ධනයේකොටස්කරුවන් කර ගැනීමට අපේක්ෂා කරන බව  දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් කේ.එම්.කේ.රණවක මහතා සඳහන් කරයි.


    දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ කාර්යමණ්ඩලය හා ප්‍රජා මූල නායකයන් දැනුවත් කිරීමේ ජාතික වැඩසටහනේසමාරම්භක උත්සවය ඊයේ (27) කෑගල්ලේ දී ආරම්භ කරමින් ඒ මහතා මේ බව සඳහන් කළේය.


    මේ වන විට දිස්ත්‍රික් 25ම ආවරණය වන පරිදි දිවි නැගුම කලාප කාර්යාල 06ක් පිහිටුවා ඇතැයි ද එමගින් දිවි නැගුමදෙපාර්තමේන්තුව පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු කර ගැනීමට පහසු වනු ඇතැයි ද රණවක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


    ‘‘ දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අනුයුක්ත වන සියලු ම නිලධාරීන් සිය රාජකාරී වගකීම මැනවින් ඉටු කිරීමට වගබලාගත යුතු අතර රටේ සංවර්ධන ක්‍රියාදාමය සඳහා නිලධාරීන්ගේ ජවය අවශ්‍යම මොහොතක් මේ වන විට එළඹ තිබෙනවා."  මෙවැනිදැනුවත් කිරීමේ වැඩසටහන් ඒ සඳහා මග පෙන්වීම ලබා දෙන බව දිවි නැගුම දෙපාර්තමේන්තුවේ අතිරේක අධ්‍යක්ෂක ජෙනරාල්එච්.එම්. ජයතිලක හේරත් මහතා මෙහි දී ප්‍රකාශ කළේය.


    මෙම දැනුවත් කිරීමේ වැඩසටහන සඳහා දේශකයන් ලෙස ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ උප කුලපති ආචාර්ය විජිත නානායක්කාර,ආචාර්ය ධම්ම දිසානායක, ශ්‍රී ලංකා මහ බැංකුවේ හිටපු සහකාර අධිපති නීතිඥ ඩබ්.එම්. කරුණාරත්න යන මහත්වරු සහභාගී වූහ.


    මේ අවස්ථාව සඳහා කෑගල්ල දිස්ත්‍රික් ලේකම් තුසිත පී. වනිගසිංහ,  ප්‍රාදේශීය ලේකම්වරුන්, කෑගල්ල සහකාර සමෘද්ධි කොමසාරිස්සිතාරා රුවිනි ගමගේ යන මහත්ම මහත්මීන් ඇතුළු දිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අදාළ කාර්ය මණ්ඩලය හා දිස්ත්‍රික්කයේප්‍රජා නායකයන් 200 පමණ දෙනා සහභාගී  වූ අතර, මෙම වැඩසටහන සංවිධානය කිරීම කෑගල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදිවිනැගුම සංවර්ධන දෙපාර්තමේන්තුව මගින් සිදු කෙරිණි. 


    ECB/LT_dmu_kegalle

     

     

    kegalle2

    kegalle3

    77


    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya