මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    අධි සුඛෝපභෝගී බස් රථවල සේවයට කාන්තාවන්ටත් අවස්ථාව

    මැයි 28, 2014

    අධිවේගී මාර්ගයන්හි මගී ප්‍රවාහන සේවාවේ යෙදෙන අධි සුඛෝපභෝගී බස් රථවල සේවය කිරීමට විධිමත් පුහුණුවක් සහිත නව පාලක/පාලිකාවන් (කොන්දොස්තරවරුන් / කොන්දොස්තරවරියන්) සහ රිය නියාමකයින් (රියැදුරන්) අනුයුක්ත කිරීමට ජාතික ගමනාගමන කොමිෂන් සභාව සැලසුම් කර ඇත.


    ඒ අනුව, අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන සේවාවේ  යෙදීමට  පහත සඳහන් සුදුසුකම් සපුරා ඇති ශ්‍රී ලාංකික පුරවැසි තරුණ/තරුණියන්ට අවස්ථාව හිමිවනු ඇත.පාලක / පාලිකාවන් (කොන්දොස්තරවරුන් / කොන්දොස්තරවරියන්) ලියාපදිංචි කරගැනීම සඳහා අදාළ කොන්දේසි:

    1.     වයස අවුරුදු 21ත් 35ත් අතර විය යුතුය.

    2.     මනා ශරීර සෞඛ්‍යයකින් යුක්ත විය යුතුය.3.     අවම අධ්‍යාපන සුදුසුකම ලෙස 8 වසර සමත්ව තිබිය යුතුය.4.     සිංහල භාෂාවට අමතරව වෙනත් භාෂා පිළිබඳව දැනුමක් ලබා තිබීම විශේෂ සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.

    5.     මෝටර් කෝච් රථ පැදවීමේ බලපත්‍රයක් ලබා තිබීම විශේෂ සුදුසු කමක් ලෙස සලකනු ලැබේ.
     නියාමක (රියදුරුවරුන්) සඳහා

    1.     වයස අවුරුදු 26ත් 35ත් අතර විය යුතුය.

    2.     මනා ශරීර සෞඛ්‍යයකින් යුක්ත විය යුතුය.

    3.     අවම අධ්‍යාපන සුදුසුකම ලෙස 8 වසර සමත්ව තිබිය යුතුය.4.     සිංහල භාෂාවට අමතරව වෙනත් භාෂා පිළිබඳව දැනුමක් ලබා තිබිම විශේෂ    සුදුසුකමක් ලෙස සලකනු ලැබේ.

    5.     මෝටර් කෝච් රථ පැදවීමේ බලපත්‍රයක් ලබා අවුරුදු 05ක පළපුරුද්දක් තිබිය යුතුය.
    මෙම සුදුසුකම්වලට අනුව බඳවාගනු ලබන මගී ප්‍රවාහන බස් රථ පාලක/පාලිකාවන් සහ නියාමකවරුන් පුහුණු සංචිතයකට ඇතුළත් කර විශේෂිත පුහුණුවකට යොමු කිරීමෙන් පසු, ජාතික ගමනාගමන කොමිෂන් සභාව යටතේ පිහිටුවා ඇති මගී ප්‍රවාහන සමාගම්වලට අනුයුක්ත කර එමගින් ධාවනය වන බස් රථවල සේවය සඳහා යොදවනු ලැබේ.
    මෙම විශේෂිත පුහුණු කණ්ඩායමට ප්‍රවීණතා හැඳුනුම්පතක් ද නිකුත් කෙරෙන අතර, සේවය සඳහා යොදවා ගනු ලබන සේවක/සේවිකාවන් හට ආරම්භයේ සිටම මගී ප්‍රවාහන සමාගම් හරහා අර්ථසාධක අරමුදල් දායකත්වය ද හිමි කරදෙනු ලබයි.


    ගුණාත්මක මගී ප්‍රවාහන සේවාවක් රටතුළ ස්ථාපිත කිරීම සඳහා පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ අදාළ සියලු අංශ වැඩි දියුණු කිරීමට සැලසුම් කෙරෙන බවත්, ඉන් එක් පියවරක් ලෙස  උසස් විධිමත් පුහුණුවකින් යුතු බස් රථ පාලක/පාලිකාවන් සහ නියාමකවරුන් සේවාවට එක් කිරීමට කටයුතු කෙරන බවත් කොමිෂන් සභාවේ සභාපති රේණුක දුෂ්‍යන්ත පෙරේරා මහතා පවසයි.

    එහි පළමු අදියර අධිවේගී මාර්ගවල ධාවනය කෙරෙන අධි සුඛෝපභෝගී බස් රථ සේවාවෙන් ආරම්භ කරන බවත් ඒ මහතා පවසයි.
     

    අධි සුඛෝපභෝගී මගී ප්‍රවාහන බස් රථවල සේවය කිරීමට කැමැත්තක් දක්වන ඉහතින් දැක්වූ සුදුසුකම්වලින් සමන්විත අයදුම්කරුවන්  2014 ජූනි 13 දිනට පෙර  අධ්‍යක්ෂ, තත්ත්ව ආරක්ෂණ දෙපාර්තමේන්තුව, ජාතික ගමනාගමන කොමිෂන් සභාව, අංක 241, උද්‍යාන පාර, කොළඹ 05 යන ලිපිනයට තම අයදුම්පත් ලියාපදිංචි තැපෑලෙන් එවිය යුතුය.


     ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya