මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාතේ වැව් ප්‍රතිසංස්කරණයට මිලියන 348ක්

    මැයි 27, 2014

    අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස හයක (06) වැව් ප‍්‍රතිසංස්කරණය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යාංශය විසින් රුපියල් ලක්‍ෂ තුන්දහස් අටසිය හතළිහක් (මිලියන 384) ලබා දී තිබේ.


    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ ඉල්ලීම මත මේ මුදල් වෙන්කර තිබේ.
     

    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යාංශ ශ‍්‍රවණාගාරයේ දී වැව් ප‍්‍රතිසංස්කරණ කටයුතු ආරම්භ කරන ආකාරය පිළිබඳ නිලධාරීන් සහ ගොවි නියෝජිතයන් දැනුවත් කරමින් ප‍්‍රධාන අමාත්‍යවරයා ඊයේ (26) මේ බව සඳහන් කළේය.


    නැගෙනහිර නුවරගම් පළාත් ප‍්‍රාදේශීය ලේකම් කාර්යාල බල ප‍්‍රදේශය සඳහා රුපියල් මිලියන 33, මධ්‍යම නුවර ගම් පළාත සඳහා රුපියල් මිලියන 51, කැබිතිගොල්ලෑව මිලියන 39, මිහින්තලේ 38, මැදවච්චිය රුපියල් මිලියන 107, හා පලාගල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසය සඳහා රුපියල් මිලියන 116ක් වෙන් කර ඇත.

     
    වෙන්කර ඇති මුදලින් ඒ ඒ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප‍්‍රදේශවලට අයත් වැව් ගොවි සංවිධාන අභිමතය පරිදි සම්පූර්ණයෙන්ම ප‍්‍රතිසංස්කරණය කිරීමට පියවර ගත යුතු බව ප‍්‍රධාන අමාත්‍යවරයා මෙහිදි උපදෙස් දුන්නේය.
     

    ගොවිජන සේවා දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රතිසංස්කරණය කරනු ලබන වැව් පිළිබඳ අධීක්ෂණ කටයුතු සිදු කරන අතර ප‍්‍රතිසංස්කරණ කටයුතු වහාම අරඹන ලෙස උපදෙස් දුන් ප‍්‍රධාන අමාත්‍යවරයා ලබා දී ඇති මුදල් වංචාවෙන් දුෂණයෙන් හා නාස්තියෙන් තොරව වැව් ප‍්‍රතිසංස්කරණයට යෙදවීමට වග බලා ගන්නා ලෙස ගොවි සංවිධානවලින් ඉල්ලා සිටියේය.
     

    මෙම අවස්ථාවට අනුරාධපුර දිස්ත‍්‍රික් ගොවිජන සේවා සහකාර කොමසාරිස් ආර්.එච්.ජී. සේනාරත්න මහතාද දිස්ත‍්‍රික් ගොවි සම්මේලනයේ නිලධාරීන් හා ගොවි සංවිධාන නියොජිතවරු ද සහභාගි වී සිටියහ.


    HC/ncpc

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya