මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ධීවර අමාත්‍යවරයාගේ උපන්දිනය වෙනුවෙන් වැඩසටහන් රැසක්

    මැයි 27, 2014

    ලබන 29 දිනට යෙදෙන ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය වෛද්‍ය රාජිත සේනාරත්න මහතාගේ උපන්දිනය නිමිත්තෙන් ධීවර අමාත්‍යාංශයේ මූලිකත්වයෙන් වැඩසටහන් රැසක් ක්‍රියාත්මක කෙරේ.


    මීට අමතරව බේරුවල ආසනයේ ද ප්‍රජා සත්කාරක සේවා රැසක් ක්‍රියාවට නැංවීමට නියමිත අතර හෙට (28) පෙරවරු 8.00ට පයාගල, දහම්පහනගම පාරවල් රැසක් ජනතා අයිතියට පත්කිරීමට කටයුතු යොදා ඇත. එදිනම සුළි කුණාටුවෙන් විපතට පත්වූ බේරුවල ජනතාවට හා අඩු ආදායම්ලාභීන්ට වියළි ආහාර පාර්සල් බෙදාදීමක් ද බේරුවල ධීවර වරාය පරිශ්‍රයේදී සිදු කෙරේ.


    රාජිත සේනාරත්න පදනමෙන් පාසල් සිසුන්ට පාසල් උපකරණ හා පොත්පත් බෙදාදීම, ගැබිණි මාතාවන්ට ආහාර ද්‍රව්‍ය බෙදාදීම හා දේව මෙහෙයක් ද හෙට සවස 5.00ට බොරැල්ල ශාන්ත ආනා දේවස්ථානයේදී සිදු කිරීමට නියමිතයි.


    එදින රාත්‍රී 7.00ට මොරගල්ල ගංගාරාම විහාරස්ථානයේ බෝධි පූජා පිංකමක් ද පැවැත්වේ.

    අනිද්දා (29) පෙරවරු 8.30ට ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ සුබසාධක සංගමය සංවිධානය කරන ලේ දන්දීමේ වැඩසටහනක් අමාත්‍යාංශ පරිශ්‍රයේදී සිදු කෙරේ.


    ඉන් අනතුරුව ජාතික ධීවර සම්මේලනයේ ක්ෂුද්‍ර මූල කේන්ද්‍රයේ මූලස්ථානය අමාත්‍ය සේනාරත්න මහතා අතින් විවෘත කිරීමට නියමිතයි.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya