මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කෑගල්ලේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන 29

    මැයි 27, 2014

    ශ්‍රී  ලංකාව තුළ මේ වන විට ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය අනිසි ලෙස බැහැර කිරීම අනාගතයේදී බරපතළ සෞබ්‍ය ගැටලුවක් බවට පත්ව ඇති බැවින් එයට පිළියමක් වශයෙන් මධ්‍යම පරිසර අධිකාරිය මගින් එම අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩ සටහනක් සැලසුම් කර ඇත.


    මෙම වැඩසටහනට සමගාමීව කෑගල්ල දිස්ත්‍රික්කයේ එම වැඩසටහන  රාජ්‍ය හා රාජ්‍ය නොවන ආයතන, පෞද්ගලික අංශය හා නිවාස මට්ටමින් රැස් කරන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය ලබන 29 දින කෑගල්ල නගරයේ නිදහස් මාවතේ පරණ පොළ භූමියේ  පෙ.ව. 9.00 සිට ප.ව. 4.00  දක්වා රැස් කිරීමට පියවර ගෙන තිබේ.


    පරිගණක කොටස්, CD තැටි, CFL බල්බ්, බැටරි, ශීතකරණ, රූපවාහිනී යන්ත්‍ර, ජංගම දූරකතන ආදී ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය මේ යටතේ ඉවත් කිරීමට නියමිතව ඇත.


    මෙම ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ වැඩසටහන 29 දින දීප ව්‍යාප්තව ශ්‍රී ලංකාව පුරාම ක්‍රියාත්මක කිරීමට නියමිතය.
     

    ECB/LT_dmu_kegalle

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya