මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    රටක සංවර්ධනයේ කැඩපත දියුණු මාර්ග පද්ධතියයි

    මැයි 27, 2014
    රටේ සංවර්ධනයේ තීරණාත්මක සාධකය ලෙස දියුණු මාර්ග පද්ධතියක් තිබිය යුතු බව ජනාධිපතිතුමා බලයට පත්වූ සැණින් හඳුනාගත් බව රාජය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්ලිව්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතා පවසයි.
     
    දියුණු මාර්ග පද්ධතියක් අවශ්‍ය බව හඳුනාගත් නිසා ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමා ඉතිහාසයේ පෙර නොවු විරූ තරම් දැවැන්ත මුදලක් යටිතල පහසුකම් දියුණුව වෙනුවෙන් ආයෝජනය කළ බවත් ඒ අතරිනුත් මාර්ග සංවර්ධනයේ සිදුවන සංවර්ධනීය පෙරළිය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන්නක් යැයි ද පැවසීය. 
     
    අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගිය දින රත්නපුර වේවැල්වත්ත මාර්ගය  පුළුල් කර සංවර්ධනය කිරිම ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වෙමිනි.
     
    මෙම සංවර්ධන ව්‍යාපෘතිය යටතේ රත්නපුර - වේවැල්වත්ත මාර්ගය රුපියල් මිලියන 4,536ක වියදමින් සංවර්ධනය කෙරේ. සංවර්ධනය කරන දුර ප්‍රමාණය කිලෝ මීටර් 27.50කි. මාස 24ක් තුළ මෙම මාර්ගයේ ඉදිකිරීම් කටයුතු නිම කිරීමට නියමිතය. මෙමඟින් රත්නපුර හා ඇහැළියගොඩ ආසන දෙක සම්බන්ධ වන අතර එමඟින් ප්‍රතිලාභ ලබන පිරිස අතිවිශාලය. මේ හා සමගාමීව රත්නපුර, පලාවෙළ, කරවිට මාර්ගයේ ඉදිකිරිම් කටයුතුද ආරම්භ විය. ඒ සඳහා වැය‍ කිරීමට අපේක්ෂිත මුදල රුපියල් මිලියන 4,262කි.
     
    "අපි මේ පළාත්වල මාර්ග සංවර්ධන කටයුතු ආරම්භ කළේ 2010 වසරේදී. එහිදි දිස්ත්‍රික්කයේ ඉහළ සිට පහළ දක්වා වන සියලුම දේශපාලන නියෝජිතයින් සමඟ අපි සාකච්ඡා කළා. ඒ සාකච්ඡාවල ප්‍රතිඵල මතයි මේ පාරවල් මේ විදිහට සංවර්ධනය වන්නේ. මාදම්පේ - රක්වාන මාර්ගය, ඇහැළියගොඩ - දෙහිඕවිට මාර්ගවල මේ වන විට සංවර්ධන කටයුතු ආරම්භ කරලා තියෙනවා. අපේ දිස්ත්‍රික්කයේ සංවර්ධන නොවුණ සියලු පාරවල් අතිගරු ජනාධිපතිතුමාගේ මඟපෙන්වීම යටතේ මාර්ග සංවර්ධන අමාත්‍යංශය මඟින් මේ වන විට සංවර්ධනය කිරීමට ආරම්භ කරලා තියෙනවා" යැයි ද කීය. 
     
    "මෙවැනි සංවර්ධන ව්‍යාපෘතීන් රජය ක්‍රියාත්මක කරන විට සමහරු අපට චෝදනා කරනවා මාර්ග විතරක් හදලා පුළුවන්ද ර‍ට සංවර්ධනය කරන්න කියලා. මේ පසුගිය දකුණු පළාත් සභා ඡන්දෙ දි යන්තම් එක මන්ත්‍රී ආසනයක් වැඩිපුර දිනාගත් එක්සත් ජාතික පක්ෂයත් කියනවා පාරවල් හදලා වැඩක් නැහැ, ජනතාවට දැනෙන දේවල් තමයි දෙන්න ඕනේ කියලා. හැබැයි මම කියනවා ඔය වගේ පටු අරමුණුවලින් කවදාවත් රටක් ගොඩනැඟීමට නොහැකියි කියලා, රටක් සංවර්ධනයට විධිමත් මාර්ග පද්ධතියක් අත්‍යාවශ්‍යයි" අමාත්‍යවරයා පැවසීය.
     
    වර්තමානයේ ගම්වල කොන්ක්‍රීට් නොකරපු පාරක් සොයාගත නොහැකි බවත් ගමේ පාර කොන්ක්‍රීට් කරන ගමන් ප්‍රධාන පාරවල් සියල්ල කාපට් කිරීමට කටයුතු කළ බව කී අමාත්‍යවරයා මේ සියලු දේ දශක ගණනාවක් රටේ කතා බහට ලක්වන වැඩසටහන් බවත් පෙන්වා දුන්නේය.
     
    මේ තරම් විශාල මුදලක් රත්නපුර දිස්ත්‍රික්කයේ සංවර්ධන කාර්ය සඳහා ලබාදීමට කටයුතු කිරිම පිළිබඳව රත්නපුර ජනතාව ලෙස අතිගරු ජනාධිපතිතුමන්ට ස්තූතිවන්ත වන බවත් සෙනෙවිරත්න මහතා පැවසීය.
     
    මෙම අවස්ථාවට අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය ප්‍රේමලාල් ජයසේකර, පාර්ලිමේන්තු මන්ත්‍රී ජානක වක්කුඹුර, පළාත් සභා අමාත්‍ය අතුල රාහුබද්ධ මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් සහභාගි වූහ.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya