මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ගමකින් ගමකට -ගෙයකින් ගෙයකට වැඩසටහන යටතේ රාජ්‍ය යන්ත්‍රය ජනතාවගේ දෙපා ළඟට ගෙන ගියා

    මැයි 26, 2014
    ගමකින් ගමකට ගෙයකින් ගෙයකට ජාතික වැඩසටහන යටතේ රාජ්‍ය යන්ත්‍රය ගමේ ජනතාවගේ දෙපා ළඟට ගෙන යෑමට ජනාධිපතිවරයා කටයතු කර ඇතැයි ආර්ථික සංවර්ධන අමත්‍ය බැසිල් රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේය.
     
    ජනතා සේවය ශක්තිමත් කිරීම සඳහා ලක්ෂ 6 පමණ වූ රාජ්‍ය සේවකයන් ප්‍රමාණය ලක්ෂ 13 දක්වා පුළුල් කිරීමට වත්මන් රජය පියවර ගත් බවද ඔවුන්ගේ හැකියාවන් සහ ජනතාවට සේවය කිරීමට ඇති වුවමනාවන්ද මෙම වැඩසටහනින් ක්‍රියාත්මක වන බවද අමාත්‍ය රාජපක්ෂ මහතා වැඩිදුරටත් අනාවරණය කළේය.
     
    ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්‍ෂ  මහතා මේ අදහස් පළ කළේ මොණරාගල දිස්ත්‍රික්කයේ ප්‍රජා අවශ්‍යතා සපුරාලීම සදහා පැවැත්වෙන ග්‍රාමීය ප්‍රජා සත්කාර සේවා 319 පිළිබඳව එම ප්‍රජා අවශ්‍යතා විසඳීම සහ ජනබලගැන්වීම වෙනුවෙන් මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් ආසන මට්ටමින් දැනුවත් කිරීම සඳහා මොණරාගල දිස්ත්‍රික්කයේ වැල්ලවාය සහ බිබිල  ප්‍රදේශවල අද (26) පැවති දැනුවත් කිරීමේ වැඩසටහන් ‍දෙකක් අමතමිනි.
     
     වැල්ලවාය මහින්ද රජපක්ෂ ශාලාවේදීද  සහ බිබිල විජිත් විජිතමුණි සොයිසා සංස්කෘතික ශාලාවේ පැවති එම වැඩසටහන් දෙක සඳහා වැල්ලවාය, තණමල්විල, කතරගම, බුත්තල, සෙවණගල, බිබිල, මැදගම, මඩුල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් මහජන නියෝජිතයින්, රාජ්‍ය නිලධාරින්, ප්‍රජා නායකයින් 3,000කට අසන්න පිරිසක් සහභාගි වූහ.
     
    ලබන ජුනි මස සිට ඌව පළාතේ බදුල්ල සහ මොණරාගල දිස්ත්‍රික්කයන්හි ජනතා සත්කාරක ජංගම සේවා 886ක් පැවැත්වෙන අතර එය පිළිබදව ජනතා නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් දැනුවත් කිරීමේ වැඩසටහන් ආසන මට්ටමේ දැනුවත් කිරීමේ වැඩසටහන් 10ක් ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් මැයි 24 සිට 26 යන තෙදින තුළ ආසන 10කදී පැවැත්විණි. එම දැනුවත් කිරීමේ රැස්වීම් සඳහා සදහා ඌව පළාතේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 26ක් නියෝජනය කරමින් ජනතා නියෝජිතයින් රාජ්‍ය නිලධාරින් සහ ප්‍රජා නායකයින් 18,000ක ආසන්න පිරිසක් සහභාගි වූහ.
     
    තවත් දැනුවත් කිරීමේ වැඩසටහන් දෙකක් ජුනි 07වැනිදා මොණරාගල සහ වියළුව ආසනයන්හිදී පැවතැත්වීමට කටයුතු යොදා ඇත. ඌව පළාත තුළ ලක්ෂ 12ක ජනතාවක් ජීවත්වන අතර ඉන් බහුතරයකට මෙම ජංගම සේවා වැඩසටහන් මගින් සෙත සැලසෙනු ඇත.
     
    මොනරාගල දිස්ත්‍රික්කයේ ප්‍රදේශීය ලේකම් කොට්ඨාස 11ක පවුල් 132,370ක  අයත් 448,142ක ජනතාවක් වාසය කරති. ප්‍රජා අවශ්‍යතා හඳුනාගැනීමේදී, ප්‍රමුඛතා ගත කිරීමේදී, සැලසුම් කිරීමේදී, ක්‍රියාත්මක කිරීමේදී සහ පසු විපරම් කිරීමේදී රජයේ නව සංවර්ධන ප්‍රවේශය වන ප්‍රජාව, මහජන නියෝජිතයින් සහ රාජ්‍ය නිලධාරින් සාමුහිකව ක්‍රියා කිරීම පිළිබඳව මෙහිදී ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා දැනුවත් කිරීමේ රැස්වීම්වලට සහභාගිවන්නන්ට කරුණු දැක්වූහ. ජංගම සත්කාර සේවා වලදී මතුවන ගැටලු පොදු සහ පෞද්ගලික වශයෙන් කොටස් දෙකක් යටතේ හඳුනාගැනේ.
     
    මොණරාගල දිස්ත්‍රික්කයේ දැනුවත් කිරීමේ රැස්වීම්වලදී වැඩිදුරටත් අමතමින් අමාත්‍යවරයා මෙසේද පැවසීය. "මෙම ජංගම සේවා මගින් ජනතා අවශ්‍යතා ඍජුවම හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ අපේක්ෂාවෙන් ජංගම සේවා ජාතික වැඩසටහන යටතේ කෑගල්ල, කුරුණෑගල සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඉකුත් වසරේ ජුලි 01වැනිදා සිට දෙසැම්බර් දක්වා ග්‍රාමීය ජනහමු සහ ජංගම සහන සේවා 2731ද  මැතිවරණ කොට්ඨාස මට්ටමෙන් ජංගම සේවා 28ක්ද පැවැත්වා. ඒවයේ ඉහළ සාර්ථකත්වය හේතුවෙන් මෙම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මක කරන ලෙස ජනාධිපතිතුමා උපදෙස් ලබාදුන්නා. එම දිස්ත්‍රික්කයන් තුන තුළ ක්‍රියාත්මක වූ ජංගම සේවා මගින් කඩිනම් ගැටලු විසඳීමේ ප්‍රතිශතය සියයට 62ක් විය.
     
    මොණරාගල දිස්ත්‍රික්කයේ මෙම දැනුවත් කිරීම් වැඩසටහන් සඳහා අමාත්‍යවරුන් වන ජගත් පුෂ්පකුමාර, විජිත් විජිතමුණි සොයිසා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂින්ද්‍ර රාජපක්‍ෂ, පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත බේරුගොඩ, මොනරාගල දිසා ලේකම් ඒ පද්මනාදන් මහත්වරුන් ඇතුළු ජනතා නියෝජිතයින්ද  ආර්ථික සංවර්ධන අමාත්‍යයේ අතිරේක ලේකම්වරු වන ප්‍රියන්ත මායාදුන්නේ සහ ශාන්ත බණ්ඩාර යන මහත්වරුන් ඇතුළු ජ්‍යේෂ්ඨ රාජ්‍ය නිලධාරින්, පළාත් අමත්‍යවරු ප්‍රමුඛ දේශපාලන නායකයින් පිරිසක් සහභාගි වූහ.
     
    MP BR BIBILE GAMIN GAMATA 1
     
    MP BR BIBILE GAMIN GAMATA 2
     
    MP BR BIBILE GAMIN GAMATA 3
     
    MP BR BIBILE GAMIN GAMATA 4
     
    MP BR BIBILE GAMIN GAMATA 5

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya