මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ආණමඩුව සංවර්ධනයට කඩිනම් පියවර

    මැයි 26, 2014


    ශ්‍රී ලංකාවේ විශාලත්වයෙන් දෙවන මැතිවරණ කොට්ඨාසය වූ ආණමඩුව සංවර්ධන කිරීම සඳහා කඩිනම් පියවර රැසක් ගෙන ඇති බව සිවිල් ගුවන් සේවා අමාත්‍ය පියංකර ජයරත්න මහතා පවසයි.

    ඒ අනුව පසුගිය දැයට කිරුළ වැඩසටහන යටතේ රුපියල් මිලියන 500ක් ද 2014 අය වැය යටතේ රුපියල් මිලියන 589.5ක් ද  ඒ සඳහා වෙන් කර ඇත.මෙම මුදලින් ආණමඩුව මැතිවරණ කොට්ඨාසයේ මහකුඹුක්කඩවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසය තුළ සුළු වාරි මාර්ග සංවර්ධනය සඳහා රුපියල් මිලියන 14.16ක් වෙන් කර ඇත. කොට්ඨාසය තුළ පවතින අතිශය දුෂ්කර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයක් වන මහකුඹක්කඩවල කිසිදු නිශ්චිත ජල මූලාශ්‍රයක් හෝ ඇළක් දොළක් නොමැති හෙයින් මෙහි ගොවීන් යල සහ මහ දෙකන්නය ම වගා කිරීමේ දැඩි ගැටලුවකට මුහුණ දී සිටී. එසේම වසර ගණනාවක් වැව් පිළිසකර නොකිරීම හෙයින් බොහෝ වැව් ගොඩ වී ඇති බැවින් ජලය රඳවා ගැනීමේ ගැටලුවක් ද පවතී.

    මෙම තත්ත්වය පිළිබඳව සැලකිලිමත් වූ සිවිල් ගුවන් සේවා අමාත්‍යවරයා ගොවිජන සේවා සංවර්ධන දෙපාර්තමේන්තුව සමඟ එක්ව සාකච්ඡා කර වැව් 19ක් පිළිසකර කිරීමේ ව්‍යාපෘතියක් ආරම්භ කරන ලද අතර, එමගින් කුඹුරු අක්කර 1000කට ආසන්න ප්‍රමාණයක් අස්වැද්දීමට අපේක්ෂා කෙරේ.
    මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා පැවසුවේ මේ රජය යටතේ කෘෂි කර්මාන්තය නංවාලීම සඳහා විශාල වැඩ කොටසක් ඉටු කොට ඇති බවත්, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා රටේ කෘෂි කර්මාන්තය නංවාලීම සඳහා වී ගොවියාට සහතික මිලක් ද ලබා දී ඇති බවත්ය.

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya