මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොළඹ දිස්ත්‍රික්කයේ දහම් පාසල්වලට ග්‍රීන් බෝඩ් බෙදා දෙයි

    මැයි 26, 2014
    අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ සංකල්පයක් අනුව දහම් පාසල් සඳහා ග්‍රීන් බෝඩ් බෙදා දීමේ වැඩසටහන යටතේ කොළඹ දිස්ත්‍රික්කයේ දහම් පාසල් 12ක් සඳහා එක් ලක්ෂ හතළිස් දහසක් පමණ වටිනා ග්‍රීන් බෝඩ් 40ක් බෙදාදීම අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (25) සිදු කෙරිණි.
     
    කොළඹ ජේතවනාරාම, කොටහේන පරමානන්දය, මට්ටක්කුලිය ශ්‍රී වික්‍රමාරාමය, තොටළඟ රාහුල දහම් පාසල යන දහම් පාසල්වල මෙම ග්‍රීන් බෝඩ් බෙදාදීමේ උත්සව පැවැත්විණි.
     
    ශ්‍රී ලංකාවේ පාසල්වල තිබෙන පහසුකම් දහම් පාසල් සඳහා ලබාදීමට කටයුතු කරන බවත් සෑම ආගමක් තුළින් ම සමාජයේ හොඳ නරක කියා දෙන බවත් අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මැතිතුමා මෙහිදී පැවසීය.
     
    DB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya