මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    කොටගල නගරයේ නවීකරණ කටයුතු ඇරඹේ

    මැයි 26, 2014

    පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතාගේ ප්‍රධානත්වයෙන් කොටගල නගරයේ සංවර්ධන කටයතු පිළිබඳ විශේෂ සාකාච්ඡාවක්  පසුගියදා පැවැත්විණ.

    ආරක්ෂක හා නාගරික සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා සමඟ ද පසු ගිය 09 වන දින මේ සම්බන්ධව සාකාච්ඡා කිරීමෙන් අනතුරුව එහි ප්‍රථිඵලයක් ලෙස නුවරඑළිය කොටගල නගරය නවීකරණ කටයුතු කිරීම ආරම්භ කිරීමට සියලු ම කටයුතු සිදු කරන ලදී.


    කිසිදු ජාති බේදයකින් තොරව කොටගල නගරයේ වෙසෙන සියලු ම ජනතාව වෙත අවශ්‍ය ආර්ථික හා යටිතල පහසුකම් ඉතා ඉක්මනින්  ලබා ගැනීම මෙහි ප්‍රධාන අරමුණ වේ.


    ශ්‍රී ලංකාවට වැඩි විදේශ විනිමයක් ලැබෙන සංචාරක ව්‍යාපාරය කොටගල නගරයේ වැඩිදියුණු කිරීම සඳහා  නව  හොටලයක් ද කොටගල නගරයේ වෙසෙන ජනයාගේ සුව පහසුව තකා නව නිවාස සංකීර්ණ හා නව තාක්ෂණයෙන් යුතු සාප්පු සංකීර්ණ ආරම්භ කිරීම පිළිබඳවත් මෙහිදී සාකච්ඡා කෙරිණි.


    මේ යටතේ යොජීත  වු ස්ථානය නිරීක්ෂණය  කිරීමට අමාත්‍යවරයා  එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.


    මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් සභාපති ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම් හා මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය මුත්තයියා රාමසාමී, මධ්‍යම පළාත් මන්ත්‍රීවරුන් වන පිලිප් කුමාර්, කනපති කනගරාජ්, රමේෂ් කුමාර් හා අඹගමුව ප්‍රාදේශීය සභාපති වෙල්ලායන් දිනේෂ් යන මහත්වරු ඇතුළු උසස් නිලධාරින් පිරිසක් ද  සහභාගි වූහ. 

     

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya