මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    “ ගමින් ගමට දොරින් දොරට ” වැඩසටහන කඩුවෙලට

    මැයි 26, 2014
    ආර්ථික සංවර්ධන අමාත්‍යංශය විසින් 2014 ක්‍රියාකාරී සැලැස්මට අනුව දිවයින පුරා ක්‍රියාත්මක කරන “ ගමින් ගමට දොරින් දොරට ” ප්‍රජා සත්කාරක සේවාවට සමගාමීව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය පාසල් සංවර්ධන වැඩසටහනේ සමාරම්භය ඉදිකිරීම්, ඉංජිනේරු සේවා නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය,  කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති විමල් වීරවංශ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා මාලබේ පිහිටි කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී සිදුකෙරිණි.
     
     “ ගමින් ගමට දොරින් දොරට ” ප්‍රජා සංවර්ධන වැඩසටහන යටතේ 2014 වර්ෂය සඳහා ආර්ථික සංවර්ධන අමාත්‍යංශය මඟින් කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාම නිලධාරී වසම් 57ක් සඳහා රුපියල් මිලියන 484ක මුදලක් වෙන්කොට ඇති අතර, එම මුදලින් ප්‍රදේශයේ ග්‍රාමීය පාසල් සංවර්ධනය සඳහා රුපියල් මිලියන 6ක මුදලක් වෙන් වී ඇත.
     
    මේ යටතේ කඩුවෙල ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසයේ  ග්‍රාම නිලධාරි වසම් 57ට අයත් පාසල්වල සංවර්ධන කටයුතු සඳහා අදහස් හා යෝජනා විමසීම සිදුකෙරිණි. ඒ අනුව විදුහල්පතිවරුන්, පාසල් සංවර්ධන කමිටු, ආර්ථික සංවර්ධන නිලධාරීන් හා කඩුවෙල කලාප අධ්‍යාපන කාර්යාලය මඟින් ඒ ඒ ග්‍රාම නිලධාරි වසම්වලට අයත් පාසල් 33කට ආසන්න ප්‍රමාණයක පවතින ගැටලු මෙහිදි ඉදිරිපත් කරන ලදී. 
     
    මෙදින ඉදිරිපත් කෙරුණු අදහස්, යෝජනා හා ගැටලුවලට අනුව ප්‍රදේශයේ පාසල්වල පාසල් ගේට්ටු සැකසීම, ළමා උද්‍යාන ඉදිකිරීම, පාසල් ජලනල මාර්ග සැකසිම, මහින්දෝදය විද්‍යාගාර වායු සමනය කිරීම, අප ජල බස්නා කානු පද්ධති සැකසීම හා පංතිකාමර, ක්‍රීඩා පිටි හා ක්‍රීඩාගාර, ප්‍රධාන ශාලා, අබලන් තාප්ප , සනීපාරක්ෂක පද්ධති අලුත්වැඩියා කිරීම ඇතුළු සංවර්ධන කටයුතු සිදුකිරීම සඳහා මෙම රුපියල් මිලියන 6ක මුදල් ප්‍රමාණය යෙදවිමට තීරණය විය.
     
    ප්‍රදේශයේ පාසල්වල පවතින අඩුපාඩු, ගැටලු හඳුනාගනිමින් එම ගැටලුවලට විසඳුම් ලබාදීම තුළින් භෞතික සංවර්ධනය ඇතිකොට ගුණාත්මක පාසල් පද්ධතියක් ගොඩනැගීම මෙම වැඩපිළිවෙළෙහි  අරමුණ වේ.
     
    කඩුවෙල සංවර්ධන කමිටුවේ සභාපති අමාත්‍ය විමල් වීරවංශ මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරේ. 
     
    මහජන මුදල් මහජන සේවය උදෙසා ගුණාත්මක ලෙස යෙදවීමේ අරමුණෙන් යුතුව මෙම සියලු සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාත්මක කළ යුතු බව විමල් වීරවංශ අමාත්‍යවරයා මෙහිදී අවධාරණය කළේය.
     
    එමෙන්ම “ගමින් ගමට දොරින් දොරට” ප්‍රජා  සත්කාරක වැඩසටහනට සමගාමීව කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ග්‍රාමීය පාසල් සංවර්ධන වැඩසටහන වෙනුවෙන් වෙන්වූ රුපියල් මිලියන 6ක මුදල් ප්‍රමාණයට අමතරව වෙනත් ප්‍රතිපාදන යොදවා කඩුවෙල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ පාසල් සංවර්ධනය කිරීමට කටයුතු කරන බවද හෙතෙම වැඩිදුරටත් පැවසීය.  
     
    ඉදිරිපත් වූ සියලු ඉල්ලීම්, අදහස් හා යෝජනා සලකා බලා අදාළ සැලසුම් මෙම මස අවසන් වීමට පෙර සකස්කර අවසන් කිරීමට නියමිතය. ඉන් පසුව ජුනි මාසයේදි මෙම සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කෙරෙන අතර එම සියලු යෝජිත සංවර්ධන ව්‍යාපෘති 2014 වසරේ දෙසැම්බර් 31 වෙනිදාට පෙර  ක්‍රියාත්මක කොට අවසන් කළ යුතු වේ.
     
    මෙම අවස්ථාව සඳහා බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරුන් වන හෙක්ටර් බෙත්මගේ, මංජුල බුද්ධදාස, කඩුවෙල නියෝජ්‍ය නගරාධිපති බුද්ධික ජයවිලාල්, එහි නාගරික මන්ත්‍රීවරුන් වන මනෝජ් බෙත්මගේ, දීපාල් හෙට්ටිආරච්චි මහත්වරුන්ද  රාජ්‍ය නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් ද සහභාගී වූහ.  
     
    DB
     
     
     
    MP WW KADUWELA GAMIN GAMATA 1
     
     
     
    MP WW KADUWELA GAMIN GAMATA 2
     
     
     
     
    MP WW KADUWELA GAMIN GAMATA 3
     
     
     
    MP WW KADUWELA GAMIN GAMATA 4

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya