මැයි 06, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    පශු සම්පත් අමාත්‍යවරයා බදුල්ලේ පාසල්වල නිරීක්ෂණ චාරිකාවක

    මැයි 26, 2014

    ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම්, සෞම්‍යමුර්ති තොන්ඩමාන් පදනමේ යාව ජීව සාමාජීක පශු සම්පත් හා ග්‍රාමීය ප්‍රජා සංවර්ධන අමාත්‍ය ආරුමුගම් තොන්ඩමාන් මහතා පසුගියදා බදුල්ල ප්‍රදේශයේ ඇති පාසල් හි නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

    පස්සර දෙමළ මහා විද්‍යාලය, විග්නේෂ්වරන් දෙමළ විද්‍යාලය හා රාමක්‍රිෂ්ණන් විද්‍යාලය ඇතුළු බදුල්ලේ ඇති පාසල් හි අමාත්‍යවරයා නිරීක්ෂණ චාරිකාවේ යෙදිණි.


    බදුල්ල නගරයේ ඇති පාසල් නිරීක්ෂණය කළ අමාත්‍යවරයා පාසල් හි ඇති  අඩුපාඩු සොයා බැලු අතර, ඒ සඳහා සුදුසු කටයුතු සිදු කිරීම සඳහා අදාළ බලධාරින් හට උපදෙස් ලබා දුන්හ.


    මෙහිදී සෑම පාසලකටම ගොස් තම අදහස් දැක් වු අමාත්‍යවරයා උසස් පෙළ ඉතා විශිෂ්ට ලෙස සමත් වන සෑම සිසුවකුටම නව නිවාස ලබාදීමට පොරොන්දු  වීම මෙහිදී විශේෂ කරුණක් විය.


    මෙම අවස්ථාව සඳහා ලංකා කම්කරු කොංග්‍රස් මහ ලේකම් ආර්ථීක සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය මුත්තු සිවලිංගම්,  ඌව පළාත් සභා අමාත්‍ය  සෙන්දිල් තොන්ඩමාන්, මධ්‍යම පළාත් කෘෂිකර්ම අමාත්‍ය රාම්, මධ්‍යම පළාත් සාමාජීකයන් හා ලංකා කම්කරු කොංග්‍රස් සාමාජීක සාමාජීකාවන්  ද අමාත්‍යංශ උසස් නිලධාරින් පිරිසක් ද  සහභාගි වූහ. 

    ECB

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya