අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    "ගමකින් ගමකට - ගෙයකින් ගෙයකට" බදුල්ලට

    මැයි 26, 2014
    ජනතා අවශ්‍යතා හඳුනාගෙන ඒවාට කඩිනම් විසඳුම් ලබාදීමේ අපේක්ෂාවෙන් ආරම්භ කළ "ගමකින් ගමකට - ගෙයකින් ගෙයකට" ජංගම සේවා ජාතික වැඩසටහන පිළිබඳ ව බදුල්ල දිස්ත‍්‍රික් මහජන නියෝජිතයින් සහ රජයේ නිධාරීන් දැනුවත් කිරීමේ වැඩසටහන ඊයේ (25) ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවත්විණි . 
     
    ඒ අනුව මහියංගනය, රිදීමාලියද්ද, ලුණුගල, පස්සර, බදුල්ල, හාලිඇළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ට අයත් මහජන නියෝජිතයින් සහ රජයේ නිධාරීන් දැනුවත් කෙරිණි.
     
    මහියංගනය, රිදීමාලියද්ද ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ රැස්වීම ජනාධිපති සංස්කෘතික මධ්‍යස්ථාන පරිශ‍්‍රයේද, ලුණුගල සහ පස්සර ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයන්ගේ රැස්වීම පස්සර මධ්‍ය මහා විද්‍යාලයේද, බදුල්ල ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස රැස්වීම සයිමන් පිරිස් ශාලාවේද, හාලිඇළ ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රැස්වීම හාලිඇළ ජාතික පාසැල් පරිශ‍්‍රයේද පැවැත්විණි. 
     
    මෙම අවස්ථාවන්ට අමාත්‍යවරුන් වන නිමල් සිරිපාල ද සිල්වා, ඩිලාන් පෙරේරා, ඌව පළාත් ප්‍රධාන අමාත්‍ය ශෂීන්ද්‍ර රාජපක්ෂ, පාර්ලිමේන්තු මන්ත‍්‍රී තේනුක විදානගමගේ මහත්වරුන් සහ ඇතුළු පළාත් සභා මැති ඇමතිවරුන්, පළාත් පාලන ආයතන නියෝජිතයින්, දිස්ත‍්‍රික් ලේකම් ප‍්‍රමුඛ රජයේ උසස් නිලධාරීහු ඇතුළු විශාල පිරිසක් එක්ව සිටියහ. 
     
    DB
     
    DSC 0776
     
     
     
    DSC 0792
     
     
     
    DSC 0793
     
     
     
    DSC 0806

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya