අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    උතුරු මැද පළාත් සභාව ආගමික ස්ථාන සංවර්ධනයට කෝටි හතරක් වැයකරයි

    මැයි 26, 2014

    උතුරු මැද පළාතේ බෞද්ධ පූජනීය ස්ථාන හා අන්‍ය ආගමික ස්ථාන සංවර්ධනයට වසර එක හමාරක් තුළ රුපියල් හාර කෝටියක මුදලක් උතුරු මැද පළාත් සභාව විසින් වැය කරන ලද බව වාර්තාවේ.


    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතාගේ සංකල්පයක් අනුව ඇරඹි “රන්බිම අරුණලු” ව්‍යාපෘතිය යටතේ “සත්සරණ යාත‍්‍රා” වැඩසටහන මගින් උතුරු මැද පළාතට අයත් අනුරාධපුර හා පොලොන්නරුව දිස්ත‍්‍රික්කයන්හි පිහිටි ආගමික සිද්ධස්ථාන සංවර්ධනය කිරීම අරඹා තිබේ.


    උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍ය එස්.එම්. රංජිත් සමරකෝන් මහතා ප‍්‍රධාන අමාත්‍ය පදවියට පත් වී ගෙවී ගිය වසර එක හමාරක පමණ කාලය තුළ (2013-2014) රන්බිම අරුණලු ජංගම සේවා යටතේ ආගමික සංවර්ධනය, ආගමික කටයුතු විෂය යටතේ ආගමික ස්ථාන සංවර්ධනය හා ග‍්‍රාමීය යටිතල පහසුකම් යටතේ ආගමික කටයුතු සඳහා වැය කර ඇති මුදල රුපියල් කෝටි හතරකි.


    බෞද්ධ පූජනීය ස්ථාන හා අන්‍ය ආගමික සිද්ධස්ථාන සංවර්ධන සඳහා පළාත් සභා දායකත්වය වැඩි වැඩියෙන් ලබා දීම තුළින් ආගමික සංහිඳියාවෙන් යුතු වූ ද නැණවත් ගුණවත් ආගම දහමට ලැදි පරපුරක් රටට දායාද කිරීමත් විවිධ හේතු මත අභාවයට යමින් පවතින ආගමික සිද්ධස්ථාන අනාගත පරපුර උදෙසා සංරක්ෂණය කිරීමත් සත්සරණ යාත‍්‍රා වැඩසටහනේ මූලික අරමුණ බව උතුරු මැද පළාත් ප‍්‍රධාන අමාත්‍යවරයා පවසයි.


    HC/ncp

    religious centers development ncp

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya