අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ජනාධිපතිතුමාගෙන් කළ ඉල්ලීම ඉටුවෙයි - වාගොල්ලාකඩ මාර්ගය කාපට් කිරීම අරඹයි

    මැයි 25, 2014

    හොරොව්පතාන, අඹගස්වැව - වාගොල්ලාකඩ මාර්ගය රුපියල් ලක්ෂ 4600ක ප්‍රතිපාදන මත කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ.


    හොරොව්පතාන මැතිවරණ කොට්ඨාසයට අයත් කපුගොල්ලෑව- අඹගස්වැව - දුටුවැව- වාගොල්ලාකඩ මාර්ගය ත‍්‍රස්තවාදී තර්ජනයට නිරන්තරයෙන් ලක් ව තිබූ මාර්ගයකි.


    පසුගිය අලුත් සහල් මංගල්‍යයේදි ජනපති මහින්ද රාජපක්‍ෂ මහතාගෙන් කළ ඉල්ලීමක ප‍‍්‍රතිඵලයක් වශයෙන් මෙම මාර්ගය කාපට් අතුරා සංවර්ධනය කිරීමට පියවර ගෙන තිබේ. මේ මාර්ගයේ කිලෝ මීටර් 13ක් සංවර්ධනය කරන අතර එම කටයුතු සිදු කරනු ලබන්නේ මාර්ග සංවර්ධන අමාත්‍යාංශය විසිනි.


    මාර්ගයේ සංවර්ධන කටයුතු ආරම්භ කළ අවස්ථාවේ අදහස් දැක් වූ උතුරු මැද පළාත් ප‍‍්‍රධාන අමාත්‍ය එස්.එම්.රංජිත් සමරකෝන් මහතා පවසා සිටියේ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිතුමා පරාජය කිරීමට විපක්ෂයේ කවරෙකු පැමිණියද එය කළ නොහැකි වන්නේ එතුමන් මේ රට බටහිරට උකස් තියන්නේ නැති නිසා බවය.


    මේ අවස්ථාවට සහභාගී වූ පුනරුප්ථාපන හා බන්ධනාගාර නියෝජ්‍ය ඇමති එස්.සී. මුතුකුමාරණ මහතා පවසා සිටියේ රටේ සිදුවන දැවැන්ත සංවර්ධනයත් සමඟ මෙවැනි දුෂ්කර ප‍්‍රදේශ සංවර්ධනය කිරීම ගැන රජයට ස්තුතිවන්ත වන බවයි.


    අඹගස්වැව රජමහා විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ උප ප‍‍්‍රධාන සංඝ නායක අඹගස්වැවේ ඉන්ද්‍රජෝති නාහිමි, උතුරු මැද පළාත් සභා මන්ත‍්‍රී එම්. හේරත් බංඩා සහ ප‍‍්‍රාදේශීය සභාවේ සභාපති අනුර ජයසේකර යන මහත්වරු ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක් ව සිටියහ.           

     

    UW/ku

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya