අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයෙන් ස්ට්‍රෝබෙරි පැළ බෙදාදීමක්

    මැයි 25, 2014

    නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ සමාජසේවා අංශයේ ප්‍රජා සේවා කටයුතු තවදුරටත් වර්ධනය කරමින් නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් ඩී.පී.ජී. කුමාරසිරි මහතාගේ මූලිකත්වයෙන් ස්ට්‍රෝබෙරි පැළ බෙදාදීමක් පසුගියදා එම කාර්යාලයේදී සිදු කෙරිණි.


    වැඩිහිටි, ආබාධිත, වැන්දඹු සහ සිරකරු පසු භාරකාරිත්වය යටතේ දිවි ගෙවන තෝරාගත් අඩු ආදායම්ලාභී ප්‍රජාව ඉලක්ක කරගෙන මෙම ස්ට්‍රෝබෙරි පැළ බෙදා දීම සිදු විය.


    ඒ අනුව එක් අයෙකුට ස්ට්‍රෝබෙරි පැළ 100 බැගින් පුද්ගලයන් 100 දෙනෙකු වෙත පැළ 10,000ක් බෙදා හැරීම සිදුකල අතර මාගස්තොට පිහිටි Adma Agro ආයතනය මේ සඳහා දායකතක්වය සැපයීය. මේ පැළවලින් ලැබෙන ඵලදාව මිලදී ගැනීමට ද එම ආයතනය එකඟතාව පළ කර ඇති අතර ගොවි මහතුන්ට අවශ්‍ය තාක්ෂණික පුහුණුවක් ද ලබා දීමට එකඟ වී තිබේ.

     

    NDH/SH-dmu nuwaraeliya

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya