අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ මාතලේ වැඩසටහන අද

    මැයි 29, 2014

    මැයි 27 සිට ජූනි 02 දින දක්වා දිවයින පුරා ක්‍රියාත්මක කරන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාතික වැඩසටහනට සමගාමීව පැවැත්වෙන මාතලේ සහ දඹුල්ලේ ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ එක් දින වැඩසටහන අද (29) සිදු කෙරේ.


    මධ්‍යම පරිසර අධිකාරියේ මාතලේ දිස්ත්‍රික් කාර්යාලය සහ දඹුල්ල ප්‍රාදේශීය සභාව එක් ව මෙය සංවිධානය කර ඇත.


    වර්තමානය වන විට ඉලෙක්ට්‍රොනික් උපාංග භාවිතය දිනෙන් දින ඉහළ ගොස් ඇති අතර දිනපතා භාවිතයෙන් ඉවත් වන ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය අවිධිමත් ලෙස බැහැර කිරීම නිසා විවිධ පාරිසරික හා සෞඛ්‍ය ගැටලුවලට මුහුණදීමට ජනතාවට සිදු වී ඇති බව බව මධ්‍යම පරිසර අධිකාරිය කරන ලද අධ්‍යයනවලින් තහවුරු වී ඇත. ඒ අනුව මෙම ගැටලුවට විසඳුමක් ලෙස ඉලෙක්ට්‍රොනික් අපද්‍රව්‍ය එකතු කිරීමේ ජාතික වැඩසටහනක් දිවයින පුරා ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.

     

    NDH/GNK/ISB_dmu_matale

     

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya