අප්‍රේල් 28, 2024
tami eng youtube  twitter facebook

    sinhala

    සසුනට සවියෙන් වයඹ පළාතේ විහාරස්ථානවලට සිමෙන්ති කොට්ට

    මැයි 25, 2014

    සසුනට සවිය වැඩසටහන යටතේ වයඹ පළාතේ සියලුම ආසන ආවරණය වන පරිදි තෝරාගත් විහාරස්ථාන 30ක් සංවර්ධනය සඳහා සිමෙන්ති කොට්ට 1500ක් ලබාදීම වයඹ ප්‍රධාන අමාත්‍ය දයාසිරි ජයසේකර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා හෙට්ටිපොලදී සිදු කෙරිණි.


    මේ පුණ්‍යකර්මය සඳහා හොල්සිම් සමාගමේ අනුග්‍රාහක දායකත්වය ලැබුණි. වයඹ ප්‍රධාන අමාත්‍යවරයාගේ සංකල්පයක් අනුව සසුනට සවිය වැඩසටහන ක්‍රියාත්මක වේ.


    එහිදී උත්සව සභාව ඇමතූ ප්‍රධාන අමාත්‍යවරයා පැවසුවේ, අතිගරු ජනාධිපතිතුමා සහ මුදල් අමාත්‍යංශ ලේකම් පී.බී. ජයසුන්දර මහතා එක්ක කරන ලද සාකච්ඡාවල ප්‍රතිඵලයක් ලෙස විහාරස්ථාන සංවර්ධනය කරගැනීමට අවශ්‍ය කරන මුදල් ලැබී ඇති බවයි. මූලික අවශ්‍යතා ටිකවත් නැති විහාරස්ථාන බොහොමයක් වයඹ පළාතේ තිබේ. වසරකට වරක් ඒ අඩුපාඩු හදාගන්න අවශ්‍ය ප්‍රතිපාදන ලබාදෙන්න තීරණය කර ඇතැයිද ඔහු සඳහන් කළේය.


    අද වෙනකොට වයඹ පළාතේ පන්සල් 1563ක් ඇති අතර එයින් 317ක් මේ වන විට වැසී ගොස් ඇත. ඉදිරියේදී බලාපොරොත්තුව පන්සල් 1246ට එක කුල දරුවා බැගින් කුලදරුවන් 1246ක් මහණ කරවීමට බවද ඔහු පැවසීය.

     

    ඉදිරියේදී කුරුණෑගල දිස්ත්‍රික්කයේ පමණක් නොව පුත්තලම් දිස්ත්‍රික්කය දක්වාත් මේ වැඩසටහන අරගෙන යෑමට බලාපොරොත්තුවයි. මේ වෙනකොට තෝරාගත් විහාරස්ථාන තිස් ගාණකට පරිගණක යන්ත්‍ර ලබා දෙන්න මුදල් ලැබී ඇති බවත් ලබන මාසේ පොසොන් උදානය වැඩසටහන වාරියපොළ ප්‍රදේශයේ නාවින්න ඇමතිතුමාගේ දායකත්වයත් ආරම්භ කරමින් විශේෂ පොසොන් කලාපයක් නිර්මාණය කිරීමටත් පියවර ගන්නා බව අමාත්‍යවරයා පැවසීය.

     

    NDH

    340x250

    නවතම පුවත්

    dgi log front

    electionR2sin

    recu

    Desathiya